විදේශ රටවල සැඟව සිටි සංවිධානාත්මක අපරාධ සැකකරුවන් 70 දෙනෙකුට වැඩි පිරිසක් මේ වන විට ශ්‍රී ලංකාවට රැගෙන විත් ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.
සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීම සඳහා දියත් කර ඇති ජාතික මෙහෙයුම සාර්ථක වනු ඇති බවට විශ්වාසය පළ කළ අමාත්‍යවරයා, ඒ සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) ඉටු කරන සුවිශේෂී කාර්යභාරය ද ඇගයීමට ලක් කළේය.
කළුතර, කටුකුරුන්ද පොලිස් විශේෂ කාර්ය බලකා පුහුණු පාසලේ පැවති 83 වැනි පුහුණු පාඨමාලාවේ විසිර යාමේ උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
