එයා කරපු පළවෙනි කපුකම කිව්වා මේක. දවසක් මට කෝල් කරලා ඇහුවේ වයස කීයද කියලා.එදා පාන්දර තුන වෙනකන් විනුයි මායි කතා කළා

පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබට සමීප වන ආදරණීය නිළියක් විදිහට විනූ සිරිවර්ධන හඳුන්වා දෙන්න පුළුවන්. විනූ දැන් විවාහ වෙලා ඉන්නෙ කථිකාචාර්යවරයෙක් සමඟිනු යි. මේ දෙන්නාගේ සරල සහ චාම් විවාහ මංගල්‍යය බොහෝ දෙනා අතර කතාබහට ලක්වුණා. පසුගිය දවසක වැඩසටහනකට එක්වූ විනූ එයාලගේ ආදර කතාවේ වතගොත මේ විදිහට හෙළිදරව් කළා. “අපි දෙන්නගෙම හොඳ යාලුවෙක් තමයි අපි දෙන්නව එකතු කරන්නෙ.

මොකද අපි දෙන්නම ක්ෂේත්‍ර දෙකකනේ. මෙයාගෙත් සහෝදරයෙක් වගේ.. මට මෙයාව රෙකමන්ඩ් කළා. ආදරය විවාහය දක්වා යන එක හරි භයානකයි. ඒ වයසෙදි අපි හරි බයයිනේ. එයා කරපු පළවෙනි කපුකම කිව්වා මේක. දැන් හරියට වැඩ එයා. අපි දෙන්නගෙ මොන ගැටලුව වුණත් අපි කතාබහ කරනවා. මට ලැබුණු හොඳම කෙනා මෙයා..” කසුන්, විනූ ගැන මෙන්න මෙහෙම කතාවක් කිව්වා.

“මම එක මොහොතකදි තීරණය කරල තිබ්බෙ විවාහ නොවී ඉන්න. මොකද මට එක තැනකදි හිතුණා තනිකඩව ඉඳලා තනිකමට හුරු වෙනවා කියලා. ඒක ඇබ්බැහි වීමක්. ඉතින් අපේ අම්මත් ඕක අත ඇරලා දානවා. හැබැයි මගෙ යාලුවා අතඅරින් නෑ. ඉන්නකෝ ඉන්නකෝ හරි කෙනා ලෑස්ති කරලා කියන්නම් කියලා. දවසක් මට කෝල් කරලා ඇහුවේ වයස කීයද කියලා

කපුකමට කලින් අපේ වයසේ ගැප් එක බලන්න එයාට ඕනේ උනේ. පාන්දර තුන වෙනකන් විතර අපි කතා කරලා වැඩේ ගොඩ යනවා..” ඔන්න ඊට පස්සෙ විනූ, ‘කසුන්’ කියන්නෙ කවුද කියලා ‘සර්ච්’ කරලා බලලා. “මුලින්ම නම ගහලා සර්ච් කළා. හා හොඳයි කියලා හිතුණා. රැකියාව එහෙම කිව්වමත් පැහැදුණා. මොකද මගේ අම්මත් ගුරුවරියක්. අනිවාර්යයෙන් ජීවිතේ ගැන වුණත් අවබෝධයක් තියෙන කෙනෙක්නේ. කතා කරද්දි ඒ පැහැදීම වැඩිවුණා..”