මාව ප්‍රසිද්ද නිලියක් කරලා දෙන්නම් කියලා අනන්තවත් අයුතු යෝජනා ඇවිත් තියෙනවා – ගයත්‍රී දිසානායක

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන පාර දිගේ ටෙලිනාට්‍යයේ මිෂෙල්ගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි ගයත්‍රී දිසානායක කියලා කියන්නේ. ඒ වගේම ඇය මිල්ලෑව වලව්ව, අහස් මාලිගා, මුතුලෙන්දොර, නීල පබළු, පිනි, සිල්ලර සමනල්ලු වැනි ටෙලිනාට්‍ය නිර්මාණ හරහා මෙන්ම කොළඹ සන්නිය, රිටන්ස් චිත්‍රපටවල ප්‍රධාන චරිතයට පණ දෙමින් බොහෝ ප්‍රේක්ෂක ආදරයක් වගේම ආකර්ෂණයක් දිනාගැනීමට සමත් වුණා. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇයට අලුතෙන් නාලක විතානගේ මහතාගේ ‘ගෝලා’ චිත්‍රපටය ප්‍රධාන චරිතයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා කියලයි ඇය කියන්නේ. ඒ වගේම මේ චිත්‍රපටය ඇයට රංගන ජීවිතයේ ලැබුණු සුවිශේෂී අත්දැකීමක් කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයගේ පාසල කඩවත විද්‍යාලෝක විද්‍යාලය. ඉතින් පාසල් කාලේ ඉඳලාම රංගනයට ඇයට ලොකු ආසාවක් තිබුන නිසා ටෙලි නාට්‍ය බලද්දි කවදාහරි දවසක මේ විදියට රඟපානවා කියලා හීනයක් ඇයගේ හිතේ තිබුණා කියලයි ඇය කියන්නේ.හැබැයි ඇයට පාසල් මට්ටමින් ඒකට අවස්ථාව ලැබුණේ නැහැලු. මොකද නාට්‍ය විෂය ඒ කාලේ ඇයගේ පාසලේ තිබුණේ නැති නිසා. ඒ නිසාම ඇය හදාරලා තියෙන්නේ නර්තනය.

ඉතින් ඇය පාසල් අධ්‍යාපනය ඉවර කරලා මහේන්ද්‍ර පෙරේරාගෙන් සහ දමයන්ති ෆොන්සේකාගෙන් රංගනය පිළිබඳ පාඨමාලා හදාරලා තියෙනවා. ඉතින් ඊට පස්සේ 2017 දි තමයි ඇය මුලින්ම ටෙලි නාට්‍යයක රඟපෑවේ. ඒ තමයි ‘සංසාරා’ කියන ටෙලි නාට්‍යය. කොහොම නමුත් අලුතෙන් කලාව වගේ ක්ෂේත්‍රයකට ආවාම කැපිලි කෙටිලි, ප්‍රතික්ෂේපවීම්, අයුතු යෝජනා කියන්නේ සාමාන්‍ය දෙයක් කියලයි ඇය කියන්නේ. ඉතින් ඒවාගේ දේවල්වලට ඇය ඇති තරම් මුහුණ දීලා තියෙනවාලු. ඒ වගේම කලාව ඇතුළෙ ගමනක් යනවා නම් ඒකට ඔළුව තියෙන්න ඕන මිසක් හදවතින් තීරණ අරන් මේ ගමන යන්න අමාරුයි කියලත් ඇය කියනවා.

ඉතින් ඇයට ලැබෙන ලැබෙන චරිත භාරගන්නේ ඇයට පුළුවන් නම් විතරයිලු. ඒ වගේම ප්‍රසිද්ධ වෙන්න ඕනෑම දෙයක් කරන නිළියක් නෙමෙයිලු ඇය. ඉතින් මේ ගත වූ වසර ගණන තුළ ඇය කරපු වැඩ ගැන ඇයට සතුටු වෙන්න පුළුවන් කියලත් ගයත්‍රී කියනවා. ඒ වගේම ඇයට ඇයගේ ජීවිතේ හොඳම මෝටිවේෂන් එක වුණේ ප්‍රතික්ෂේපවීම් කියලයි ඇය කියන්නේ. හැබැයි ඒ කාලේ ඇයව ප්‍රතික්ෂේප කරපු අය දැන් ඔවුන්ගේ නිර්මාණවලට ඇයට කතා කරනවාලු. ඉතින් උපරිම කැපවීමෙන් ඇය ඇයගේ තැන හදා ගත්ත නිසා අද ඉන්න තැන ගැන ගොඩක් සතුටුයි කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.