මට බිරිද ගැන හිතක් පහළ වෙනකොට එයා 6 වසරෙ මම 9 වසරෙ, පොඩි වැඩි නිසා ඇහුවෙ නෑ-ශිහාන් මිහිරංග

ප්‍රාසාංගික වේදිකාවට නැතුවම බැරි ගායකයෙක් විදියට අපි කාගේත් අතිශය ආදරය ලබා ගත්ත ඒ සොදුරු ගායන ශිල්පියා තමයි ශිහාන් මිහිරංග කියන්නේ. රියැලිටි තරගාවලියක් හරහා සංගීත ක්ශේෂ්ත්‍රයට ඇවිත් එදා ප්‍රේක්ෂකයන්ගෙන් ලබපු ආදරය අද වන විටත් කිසිදු අඩුවීමක් වෙන්නෙ නම් නෑ. ඒ තරමට අපි ආදරය කරන ශිහාන්ගේ ගීත වලට තරුණියන් විශේෂයෙන්ම වෂී වෙලා හා සමානයි.

ඉතින් ඒ විදියට කොයි කවුරුත් ආදරය කරන ශිහාන් මිහිරංග පසුගිය දා වැඩි පුරම ප්‍රේක්ෂකයන්ට දැක ගන්නට ලැබුණේ හිරු ස්ටාර් රියැලිටි ගායන තරගාවලියේ විනිසුරුවරයෙක් විදියටයි. ඉතින් ශිහාන් කියන්නේ කාලයක් ලංකාවේ තරුණියන්ගේ ක්‍රශ් එක බවටත් පත් වෙලා තිබුණා.

ඉතින් ශිහාන් මේ වන විට සොදුරු ගායකයෙක් වගේම ඔහුගේ නිවසට හොද සැමියෙක් වගේම පියෙක්. ඉතින් දරුවන් තුන් දෙනෙකුගේ ආදරණීය සෙනෙහෙබර පියෙක් වන ශිහාන් ඔහුගේ බිරිදව යාලු කරගත්ත ආකාරය ගැන කියලා තිබුණේ මේ වගේ අදහසක්.

” මට මුලින්ම බිරිද ගැන හිතක් පහළ වෙනකොට එයා හය වසරෙ. මම නවය වසරෙ. මට අමුතු හැගීමක් ආවට මම කියන්න ගියේ නෑ එයා පොඩීනේ. ඊට පස්සේ මම ඕලේවල් ඒලෙවල් මට්ටමට ආවම මම එයාට කතා කරන්න හදද්දි එයා දුවනවා. කොහොමහරි මගෙ ගෑණු ලමයි යාලුවො දෙන්නෙක් එයාගෙන් උත්තරයක් අරන් දුන්නා. ඒත් අවුරුදු 5ක් විතර යනකම් අපි මුණ ගැහිලා කතා කලේ නෑ.”

මේ විදියටයි සුපිරි තරුව ශිහාන් මිහිරංග ඔහුගේ සුන්දර ආදරය පටන් ගැන්ම ගැන කියලා තිබුණේ.

එදා මෙදා තූරු බිහිවූ හොදම Reality තරුව තමයි ශිහාන් මිහිරංග කියන්නේ – නිරෝෂා විරාජිනී

මේ දිනවල දී මුලු ලංකාවක ම අවධානය යොමුවෙලා තිබෙනවා අපේ රටේ ජනප්‍රියම රියැලිටි වැඩසටහනක් තමයි hiru star season5 කියන්නේ.එහි විනිශ්ච මණ්ඩලය වශයෙන් කටයුතු කරන්නේ අමල් පෙරේරා ,නිරෝෂා විරාජිනී සහ ශිහාන් මිහිරංගයි.ඉතින් මේ දිනවල දී එහි අවසන් වටයන් සිදුකරමින් පවතින්නේ.

ඉතින් පසුගිය දිනයේ දී ඉතාමත් අපූරු සුවිශේෂී කතාවක් නිරෝෂා විරාජිනී මහත්මිය විසින් ශිහාන් මිහිරංගට සිදුකර තිබුණා.ඒ මෙසේයි…

“reality කියන කලාව පටන් ගත් දා ඉදලා මම විනිශ්ච මණ්ඩලය කියන පුටුවෙ බොහෝ වතාවක් වාඩි වෙලා ඉඳලා තියෙනවා.එදා මෙදා තුර reality තුළින් බිහිවුණ ‘තරුවක්’ කියන ඒකට හොඳම උදාහරණයකට මම දැක්කේ මට එහා පැත්තෙ ඉන්න කෙනා (ශෙහාන් මිහිරංග).

ඇත්තෙන්ම ජනතාව නිසා තමයි ෂෙහාන් අද මෙතන ඉන්නේ. ඉතිං ඒ ලැබුණු ‘ජනතාව’ කියන දෙයින් උපරිම ප්රයෝජනයක් අරගෙන හොඳ දෙයක් කලෙ එයා විතරයි.විනිශ්චය මණ්ඩලය විදියට අපිට පුළුවන් අපේ කැමැත්ත ඒ මොහොතේ දී ප්‍රකාශ කරන්න.නමුත් කිසිම වෙලාවක ජනතාව අතින් ප්‍රතික්ෂේප වුනොත් මෙතැන ඉන්න බැහැ.ඉතින් ඒ විදිහට ජනතාවගෙ ආදරය නුවණක්කාර විදියට භාවිතා කරලා අද මෙතන ඉන්න ඔහු තමයි අද මම දකින එකම සහ හොදම තරුව මගේ රියලිටි ඉතිහාසයේ”