මාව ඉල්ලගෙන කොල්ලෝ ගෙදරට එනවා ගෙදර අය ශේප් එකේ එයාලා හරවලා යවනවා – නයනතාරා වික්‍රමාරච්චි

ටීවී දෙරණ නාලිකාවේ විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නයනතාරා වික්‍රමාරච්චි කියන්නේ, ඉතින් අපි දැන් මේ කතා කරන්න සුදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න දඟකාර නයනතාර සමග, නයනතාරා මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල රංගන කටයුතු එක්ක මම ගොඩක්ම කාර්ය බහුල වෙලා ඉන්නේ, මම කළා නිර්මාණ කිහිපයකටම මේ දවස්වල සම්බන්ද වෙනවා, ඒ වගේම බාර ගත්ත පොඩි පොඩි වැඩ ටිකකුත් තියෙනවා, ඒවත් කරගෙන නිදහසේ ඉන්න වෙලාවකුන් වෙන් කරගෙන ඉන්නවා කොච්චර කාර්යබහුල වුනත් අපි, අපේ ගැනත් ටිකක් හිතන්න ඕන නේ’

ඔබ වසර ගණනාවක්ම ලංකාවේ ජනප්‍රියම රංගන ශිල්පිනිය වුනා, ඉතින් ඔබ තවමත් ජනතා සම්මානයේ උඩින්ම ඉන්නවා කියලා හිතනවද..? ”මෙහෙමනේ ජනප්‍රියත්වය කියන දේ හැමදාම තියෙන්නේ නෑ, ඒක කාලයකට වැඩි වෙනවා තව කාලයකට අඩු වෙනවා, දෙවෙනි ඉනිම නාට්‍යයේ දෙවුමි කියන චරිතය මට වාසනාව ගෙනාව, ඒ චරිතය නිසා මට ගොඩක් දේවල් ලැබුනා, හැම දෙකටම වඩා වටින්නේ මට මේ ලැබිලා තියෙන ප්‍රේක්ෂක ආදරය, මම පිට පිට තුන්වතාවක්ම ජනප්‍රියම රංගන ශිල්පිනිය බවට පත්වුනා, ඒ හැමදේම ලැබුනේ දෙවෙනි ඉනිම නාට්‍ය නිසා, මම ඒක ඕනෑම තැනක කියනවා, ඒ ලැබුන ආදරය මම උපරිමෙන්ම රැකගන්න උත්සහ කරනවා, ඉහළම තැන නැතත් ජනතාවගේ ආදරය එදා වගේම නොඅඩුවම මට අදටත් ලැබෙනවා.”

නයනතාරා දැන් පෙම්වතියක්ද..? ”මම තාම පෙම්වතියක් නෙවෙයි, අනිත් දේ තමයි මට කොල්ලෙක් ඉන්නවනම් ඒක හංගන්න අවශ්‍ය නෑ, ආදරය අවශ්‍ය කාලෙම මාව හොයාගෙන ඒවි, හැබැයි මම කැමතියි තව ටික කාලයක් නිදහසේ මේ විදියට ඉන්න, හැබැයි ඉතින් මට ආදර යෝජනානම් අඩුවක් නැතුව ලැබෙනවා, සමහර අය මාව හොයාගෙන අපේ ගෙදරත් එනවා, හැබැයි ඉතින් ගෙදර අය ශේප් එකේ එයාලව හරවලා යවනවා”

නයනතාරා නිලියක් වීම ගැන මොකද හිතන්නේ ”ඇත්තම කියනවනම් කලාව තෝරාගැනීම ගැන මම ගොඩක්ම සතුටු වෙනවා මොකද අද වනවිට මම යම් තැනක ඉන්නවනම් ඒ හැම දේම ලැබුනේ මම නිලියක් වීම නිසා, මගේ ජීවිතය දැන් ගලාගෙන යන්නේ කලාව සමග ඇත්තටම කලාව කියන්නේ ජීවිතයට සුන්දර මතකයන් ගොඩක් එකතු කරන ලස්සන ක්ෂේත්‍රයක් ඉතින් මම හරිම සතුටුයි මේ වගේ ක්‍ෂේත්‍රයට සම්බන්ද වෙන්න ලැබීම ගැන”