බබා කිරි බොන්නැති වුනාම සාරංග මාව බදාගෙන අඩනවා.ඔහු දාලා ගියොත් මම වෙන කෙනෙක් බඳිනවා-දිනක්ෂි ප්‍රියසාද්

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි දිනක්ෂි ප්‍රියසාද් කියලා කියන්නේ. ඒ වගේම ඇය දක්ෂ නර්ථන ශිල්පිනියක් වගේම නිවේදන ශිල්පිනියක් විදිහටත් හදුන්වලා දෙන්න පුළුවන්. කොහොම නමුත් දැන් ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන සාරංග දිසාසේකර සමඟ විවාහ වෙලා ඉන්න ඇය ආදරණීය සැමියයි සිඟිති දියණියයි එක්ක ආදරණීය සුන්දර ජීවිතයක් ගත කරනවා. ඉතින් ඇය පහුගිය දවසක යූ ටියුබ් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ ආදරණීය දියණිය ගැන වගේම මව් පදවිය ලැබීමත් සමඟ ලැබුණු අත්දැකීම් ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් අම්මා කෙනෙක් වුනාට පස්සේ ජීවිතේ ගොඩක් වගකීම් දැනෙන්න ගත්තා වගේම දැන් අලුත් ජිවිතේකට හුරු වනවා වගේ ඇයට දැනෙනවා කියලයි දිනක්ෂි නම් කියන්නේ. ඒ වගේම 2020 අගෝස්තු 28 තමයි ඇය සාරංග එක්ක විවාහ වෙන්නේ. ඉතින් විවාහ වුනාට පස්සේ දෙන්නම් යම්කිසි ස්ථාවරයක හිටපු නිසා වගේම දෙන්නම බබාලට ගොඩක් කැමති නිසා බබෙක් හදමු කියන තීරණේට ආවා කියලත් ඇය කියනවා. ඉතින් ඒ වගේම බබා ලැබෙන්න ඉද්දි මුල මාස 5 යනකම්ම ඇයට මුකුත්ම කන්න බොන්න බැරි වුණා කියලයි ඇය කියන්නේ. අඩුම තරමේ ඇයට වතුරවත් බොන්න බැරි වුණාලු. ඒ නිසාම ඇයට ගොඩක් වෙලාවට හොසපිට්ල් එකේ නැවතිලා සේලයින් ගන්න වුණා කියලත් දිනක්ෂි කියනවා.

ඒ වගේම දරුවා ලැබුණාට පස්සේ බබාට කිරි බොන්න තේරුමක් තිබුනේ නැති නිසා දරුවට කිරි දෙන්න විදිහක් නැතුව ඇයයි සාරංගයි ගොඩක් දුක් වුණා කියලයි ඇය කියන්නේ. ඊට පස්සේ ඇය පොම්ප් කරලත් දරුවාට කිරි දෙන්න උත්සහ කරලා කිරි මදි නිසා ෆෝමියුලා දෙන්න වුණා කියලත් ඇය කියනවා. ඉතින් ඇයට ඕන වුනේ කොහොම හරි ඒ දරුවට අවශ්‍ය වෙන පෝෂණය ලබා දෙන්නලු. කොහොම නමුත් සාරංගගෙන් ඇයට හැමදේමකදීම ලොකු උදව්වක් ලැබුණා කියලයි ඇය කියන්නේ. ඒ වගේම කිරි දෙන්න විදිහක් නැතුව ඇය මුල් කාලේ සෑහෙන්න අඬලා තියෙනවාලු. ඉතින් දරුවා කිරි බොන්නැති වෙලාවට සාරංගයි ඇයයි බදාගෙන අඬලත් තියෙනවාලු.

ඉතින් ඒ වගේම අනාගතේදී කුමක් හෝ හේතුවක් නිසා ඇයට සාරංගගෙන් වෙන් වෙන්න සිද්ද වුනොත් ඇය දරුවා ගැන හිතලා වෙන කෙනෙක් ගැන හිතන්න ඉඩ තියෙනවා කියලයි දිනක්ෂි නම් කියන්නේ. මොකද ජීවිතේ තනියම ගෙනියන්න අපහසු නිසා. ඉතින් දරුවා ගැන හිතන, දරුවට ගොඩක් ආදරේ කරන, දරුවාගේ අනාගතය ගැන හිතන කෙනෙක් ලැබුනොත් තමන්ගේ සතුට නැති කරගන්න නැතුව ජීවත් වෙන ටික කාලයේ හොඳින් ඉන්න ඕන කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.