මගෙ ෆෑන් කෙනෙක් පාන්දර 1ට මගේ ගේ ලගට ඇවිත් කෑගැහුවා.මම ෂොක් වුනා -සචිනි අයේන්ද්‍රා

සචිනි අයේන්ද්‍රා කියන්නේ අපේ රටේ අතිශයින්ම ජනප්‍රිය රංගන ශිල්පිනියක් සහ නිරූපණ ශිල්පිනියක්.ඇය මෙම ක්ෂේත්‍රයට පැමිණ දැන් දශක දෙකකට පමණ ආසන්න වන අතර එදා පටන් අද දක්වාම ඇය ලබාගෙන තිබෙන ජනප්‍රියත්වය වැඩි වීමක් මිස අඩු වීමක් නම් සිදුවී නැහැ.

ඇය මේ වන විට මවක් සහ බිරිඳක් වශයෙන් කටයුතු කළත් තවමත් වයස අවුරුදු 20ක විතර පුංචි තරුණියක් වගේ ඉතාමත් සුන්දර විදියට තමයි ඇයි සිටින්නේ.කෙසේ වුනත් ඇය තවමත් ලංකාවේ කොල්ලොන්ගෙ පිස්සුවක්.

ඇය පසුගිය දිනයකදී තමන්ගෙ ෆෑන්ස්ලාගෙන් ලැබෙන ආදරය පිළිබඳව.

“ඒ දවස් වල මගේ හොඳම fan කෙනෙක් හිටියා.එයා බදුල්ල තමයි ඉන්නෙ.මාත් එක්ක instagram වලින් තමයි මැසේජ් කර කර හිටියේ ඒ දවස් වල.එක දවසක් මෙයා බදුල්ලෙ ඉඳල කොළඹට ඇවිල්ලා එයාගෙ වැඩකට.ඒ උනාට මෙහෙම එනවා කියල මගේ අතින් කියලා තිබුණේ නැහැ.

එක දවසක් මට රෑවෙලා program එකක් තිබුණා.ඊට පස්සේ මම instagram වල ඒ වෙලාවෙම ගත්ත ෆොටෝ එකක් story වලට දැම්මා. ඊට පස්සේ එතැන ඉඳලා මාව ෆලෝ කරගෙන මගේ ගේ ලඟටම ඇවිත් මම දන්නෙත් නැහැ.එතන ඉඳලා තමයි හොඳම සීන් එක උනේ.මගේ ගෙදර තිබ්බේ බත්තරමුල්ලමයි.ඊටපස්සෙ පාන්දර 1ට විතර සචිනී.. කියලා.ඊටපස්සෙ මම ෂොක්වුනා.මේ පාන්දර එකට විතර ගේ ඉස්සරහා ඉදන් කව්ද කෑගහන්නෙ කියලා” 

ඇය මේ විදියට තමයි අදහස් දක්වා සිටියෙ.