මගෙ ක්ලාස් එකට එන බහුතරය ගැහැණු ළමයි නිසා මම ගැහැණු වෙස් අරන් උගන්නන්නේ.-කවිඳු මධුශාන්

සමාජ මාධ්‍ය ජාලා හරහා වගේම මියුසික් වීඩියෝ හරහාත් නිරන්තරයෙන්ම දැකගන්න ලැබෙන ජනප්‍රිය රංගන ශිල්පියෙක් වගේම දක්ෂ නර්තන ශිල්පියෙක් තමයි කවිඳු මධුශාන් කියලා කියන්නේ. ඒ වගේම ඔහු මේ වනවිට නර්ථන ගුරුවරයෙක් විදිහටත් කටයුතු කරනවා. ඉතින් ඔහු පහුගිය දවසක යූ ටියුබ් නාලිකාවක් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඔහු ගැන බොහෝ දෙනෙක් නොදන්නා කරුණු කිහිපයක් ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඔහුගේ දක්ෂතාවය නිසාම ඔහුට ඉක්මනින්ම සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය වෙන්න ලැබුනා කියලයි කවිදු කියන්නේ. ඉතින් කවදාවත් තමන්ගේ දක්ෂතාවය හිරකරගෙන ඉන්නේ නැතුව ලෝකයාට තමන්ගේ දක්ෂතාවය පෙන්නන්න හැම තිස්සෙම උත්සහ ගන්න ඕන කියලත් ඔහු කියනවා. ඉතින් එහෙම කරද්දී ඕනම කෙනෙකුට ඔහුගේ වටිනාකම ලැබෙනවා වගේම තවත් අලුත් අවස්ථාවන් ලැබෙන්නේ ඒ හරහා කියලයි කවිදු නම් කියන්නේ.

ඒ වගේම ඔහු පිරිමියෙක් වුනත් ඔහුට ගැහිනියෙක් විදිහට අඳින්න පුළුවන් කියලත් ඔහු කියනවා. මොකද ලංකාවේ අතීතය ගත්තත් සොකරි විදිහට ඇන්දේ පිරිමි වගේම පත්තිනි විදිහත් තාමත් අඳින්නේ පිරිමි නිසා ඔහුටත් යම්කිසි නිර්මාණයක් වෙනුවෙන් කාන්තාවක් විදිහට හැඩ වෙලා එම නිර්මාණයට උපරිම සාදාරණයක් කරන්න හැකියාව තියෙනවා කියලයි ඔහු කියන්නේ.

ඒ වගේම ඔහු වෙස් නැට්ටුවෙක් කියලත් කවිදු කියනවා. අවුරුදු 12දී තමයි ඔහු වෙස් තියලා තියෙන්නේ. කොහොම නමුත් ඔහු දැන් නැටුම් ගුරුවරයෙක් විදිහට කටයුතු කරන බවත් අපේ රටේ නොදන්නා කෙනෙක් නැහැ. ඉතින් ඔහුගේ පංතියට එන්නේ සියයට හැත්තෑවක් විතරම ගැහැණු ළමයි කියලත් ඔහු කියනවා. ඉතින් ඔහු පිරිමියෙක් වශයෙන් ගැහැණු කෙනෙකුට නර්ථනය උගන්නද්දී පිරිමියෙක් විදිහට උගන්වනවාට වඩා ගැහැණු කෙනෙක් විදිහට ඉරියව් කියලා දුන්නම එයාලට ඒවා ඉගෙන ගන්න පහසුයි කියලයි කවිදු කියන්නේ. ඒ වගේම ඔහුට කාන්තාවකගේ හැඟීම් ගන්න පුළුවන් කියලත් ඔහු කියනවා.