ලේලි පස්සෙ ගියාට එයා ගනන් ගෙන නෑ.චන්දිමාල් කියලා කැමැත්ත දුන්නොත් ගහනවා කියලා-දිනේෂ් චන්දිමාල්ගේ මව

ලංකාවේ ක්‍රිකට් කණ්ඩායමේ ඉන්න වැඩිපුරම ආදරේ දිනාගෙන ඉන්න ක්‍රීඩකයෙක් තමයි සුපිරි පිතිකරු දිනේෂ් චන්දිමාල් කියන්නේ, කාලයක් ක්‍රිකට් කණ්ඩායමෙන් ඉවත් වෙලා හිටපු දිනේෂ් චන්දිමාල් නැවතත් ක්‍රිකට් සංචිතය සමග සම්බන්ද වෙලා, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න දිනේෂ් චන්දිමාල්ගේ මව වන ඩී. ධම්මිකා ශාන්ති ද සොයිසා මහත්මිය සමග, ධම්මිකා මහත්මිය කියන්නකෝ දිනේෂ් චන්දිමාල් ක්‍රිකට් වලට උනන්දු වුනේ කොයි කාලේදී ද..? ”එයා එයාට වයස අවුරුදු තුන හමාරේ ඉඳලම ක්‍රිකට් වලට ගොඩක් උනන්දුයි, ඒකට හේතුව එයාගේ තාත්තා, මොකද එයාගේ තාත්තා පාසල් කාලයේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙක්, ඉතින් පුතාට පොඩි කාලේ ඉඳලම ඒ පුරුද්ද තියෙනවා, එහෙම තමයි පුතාට ක්‍රිකට් ගැන උනන්දුවක් ඇතිවුණේ.”

එතකොට කොහොමද චන්දිමාල් ක්‍රිකට්වලට එන්නේ..? ”අපේ පුතා මුලින්ම පාසල් ගියේ අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට, ඒ කාලයේ තමයි එයා ක්‍රිකට් ගහන්න පටන් ගත්තේ, ඊට පස්සේ එයා අශෝක කියලා සර් කෙනෙක්ගේ ක්‍රිකට් ඇකඩමියකට සම්බන්ධ වුණා, එතනදී තමයි එයා ක්‍රිකට් ගැන ගොඩක් දේවල් ඉගනගත්තේ, ඒ අතරේ සාමාන්‍යපෙළ කළා, ඒකෙන් පස්සේ පුතා කොළඹ ආනන්ද විදුහලට ඇතුලත්වුනා, ඒ විදියට තමයි එයා ක්‍රිකට් වලට සම්බන්ද වෙන්නේ”

ඒ කාලේ පුතා සම්මාන එහෙම අරගන්න ඇති නේද..? ”ඔව් ඔව් එයා සමාන ගොඩක් අරන් තියෙනවා, අමතක නොවෙන සිදුවීම තමයි එයා 15 න් පහළ ලංකාවේ හොඳම පන්දු රකින පාසල් ක්‍රීඩකයාට ලැබෙන සම්මානය ගෙදර අරන් ආව දවස, මම එදා සතුටට ගමේ අයට කිරිබත් කැවුම් පවා හදලා බෙදලා දුන්නා, හැබැයි ඒ සතුට වැඩි කාලයක් තිබ්බේ නෑ, 2004 වසරේදී සුනාමිය ආවා, ඒ වෙද්දී මට බාල දරුවා ලැබෙන්න හිටියේ, චන්දිමාල් හිටියේ ටීවී එකේ මැච් එකක් බලන ගමන්, මමයි චන්දිමාල්ගේ තාත්තයි දරුවෝ ටික අරගෙන පුළුවන් තරම් දුරට දිව්වා, එදා ඒ සමාන සේරම නැතිවුනා, ඒදා අපිට ඉතිරි වුනේ ඇඳන් හිටපු රෙදි ටික විතරයි”

ඇත්තද චන්දිමාල්ගේ විවාහය ගැන රස කතාවක් එහෙම තියෙනවා කියන්නේ..? ”එයා විවාහ වෙලා ඉන්නේ එයාගේ පාසල් කාලයේ යාළුවෙලා ඉන්න ගෑනු ළමයා එක්ක, එයා ඉසිකා ජයසේකර ඇල්පිටියේ ගෑනු ළමයෙක්, හැබැයි එයා මුලදී චන්දිමාට පොඩ්ඩක්වත් කැමති වෙලා නෑ, හැබැයි මෙගේ පුතා ගොඩක් පස්සෙන් ගිහින්, ඒත් එයා කැමතිවෙලා නෑ, පස්සේ පුතා එකාට කියලා ඔයා කැමති වුනේ නැත්නම් මම ආයේ ක්‍රිකට් ගහන්නේ නෑ කියලා, හැබැයි කැමති වුනොත් හොඳට ලකුණු ගහනවා කියලා, අන්තිමේදී ලේලි කැමති වෙලා, එයා කැමති වුන දවසේ ඉස්කූල් එකේ මැච් එකක් තිබිලා පුතා එදා ලකුණු සීයක් ගහාලා තිබ්බා”

ඇත්තට පුතාට වඩා ආදරේ ලේලිට කියන්නේ, ”මට එයා මගේ ලේලි නෙවෙයි, මගේම දුවක් තමයි එයා, මට ඉන්නේ පුතාලම පස්දෙනෙක්, චන්දිමාල් තමයි වැඩිමල්ම පුතා, දුවලා හිටියේ නැති පවුලේ එකම දුව උනේ මගේ ලොකු ලේලි ඉසිකා, එයත් අපිට ගොඩක්ම ආදරෙයි විශේෂයෙන්ම මම ගැන නිතරම හොයලා බලනවා, මමත් ඉතින් එයාට ගොඩාක් ආදරෙයි.