මගෙ පොටෝශූට් එකක් දැකලා ඉන්දියාවේ රසිකයෝ වශීවෙලා.ඉන්දියාවේ අධ්‍යක්ෂක කෙනෙක්ගෙනුත් ආරාධනාවක් ආවා.-රශීප්‍රභා සන්දීපනි

දවස්වල බාල මහලු හැමෝම අතර වැඩිපුරම ජනප්‍රිය ටෙලිනාට්‍යක් තමයි ‘සිහින ගෙනෙන කුමාරියේ නාට්‍යයේ’ ටෙලිනාට්‍ය, ඉතින් මේ නාට්‍යයේ සත්සරණිගේ චරිතය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ සුන්දර රංගන ශිල්පිනියක් තමයි රශීප්‍රභා සන්දීපනි කියන්නේ,

හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න නිසා අපි හිතුවා රශීප්‍රභාගේ විස්තර ටිකක් ඔයාලා එක්ක බෙදා ගන්න, රශීප්‍රභා පහුගිය කාලයේ ලංකාවේ හිටියේ නෑ නේද..? ”ඔව් මම කාලයක් ලංකාවේ හිටියේ නෑ, මම පසුගිය කාලයේ හිටියේ ඉන්දියාවේ, ඉන්දියාවේ අධ්‍යක්ෂවරයෙක් වන දුෂ්‍යන්ත් ප්‍රතාප් සිං මට අවුරුද්දකට කලින් එයාගේ නිර්මාණයකට සම්බන්ද වෙන්න ආරාධනා කළා, ඒ මම දීපාවලී දවසක කරපු පොටෝ ෂූට් එකක් දැකලා,

හැබැයි මම ඒක ගැන ගොඩක් ලොකුවට හිතුවේ නෑ, එහෙම කාලයක් යද්දී එතුමා කලින් අධ්‍යක්ෂණය කරලා තිබ්බ ෆිල්ම් එකක ප්‍රචාරණ ගීතයටක සම්බන්ද වෙන්න මට අවස්තාවක් ලැබෙනවා, ඊටපස්සේ ඒ අය ලංකාවට ඇවිත් ගිවිසුම අත්සන් කළා, ඉතින් ඒකෙ වැඩ ටිකකට තමයි මම ඉන්දියාවේ ගියේ”