මට පුංචි නයිටි කෑල්ලක් ඇඳගෙන ගලහ ටවුන් එකේම දුවන්න සිද්ධ වුණා.මට ලැජ්ජාවක් තිබුණේ නැහැ-සේමිණි ඉද්දමල්ගොඩ

සිනමාව හරහාත් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය හරහාත් තමන්ට ලැබෙන චරිතයට විශිෂ්ට සාධාරණත්වයක් ඉෂ්ට කරපු අපේ කාලයේ ප්‍රවීණ කලා කලාකාරිනියක් තමයි සේමිණි ඉද්දමල්ගොඩ කියන්නේ.ඒ සම්බන්ධය කතා කරද්දී ඇය කලාවට අවතීර්ණ වෙන්නේ අහම්බෙන්.ඒ වගේම තමයි අවුරුදු 8ක තිස්සේ ඉඳන් ඇය නිර්මාණයක් එක්ක සම්බන්ධ වෙලා හිටියේ නෑ.

ඉතින් මේ චරිතය ටිකක් අසාමාන්‍ය චරිතයක්.ඒ වගේම ටිකක් අපහසුයි ඒ තියෙන ඇඳුම් පැළඳුම් එක්ක රංගන කටයුත්ත කරන්න.ඒ වගේම තමයි ෂූටින් කරන අතරතුරදී නොයෙකුත් අකරතැබ්බවලට ඇය මුහුණ දීලා තියෙනවා.ඒ දේවල් පිළිබඳව සෙමිනි කිව්වේ මේ වගේ කතාවක්

“සිරිගේ ගෙදර සුළං කපොල්ලක් මැද්දෙ තිබුණේ. එතකොට කොහොමද සීතල.නිෂ්පාදන කණ්ඩායමේ සියලුම දෙනා ජැකට් දාලා කන් වහගෙන ඉන්න කොට මගේ ඇත්තටම ඇඳුම් ඇත්තෙම නැහැ වගේ.පුදුමාකාර සීතලක් තිබුණේ අපේ අපි කොච්චර සීතලක් මැද්දේද රූගත කළේ කියලා හිතාගන්නවත් බැහැ. ඒ වගේම තමයි සුද්දිට පුංචි නයිටි කෑල්ලක් ඇඳගෙන ගලහා මුළු ටවුන් එකේම දුවන්න සිද්ධ වුණා.මට කිසිම ලැජ්ජාවක් තිබුණෙ නැහැ.නගරෙදිවත් කිසිම කෙනෙක් වැරදි ඇහැකින් අපි දිහා බලන්න වැරදි දෙයක් කියන්න ආවෙ නෑ. බොහොම ගෞරවයෙන් තමයි රසිකයෝ ඇවිත් කතා කළේ”

සේමිනි කියන්නේ ක්ෂේත්‍රය තුළ තමන්ට ලැබෙන හැම වැඩක්ම බදාගෙන  කරන කෙනෙක් නෙමෙයි. ඇයට හොඳයි කියලා හිතෙන නිර්මාණවලට විතරයි ඇය සම්බන්ධ වෙන්නේ.ඒ වගේම වසර අටකට විතර පස්සෙ නැවත වතාවක් මෙවැනි නිර්මාණයක් එක්ක සම්බන්ධ වෙන්න ලැබුණ එක පිළිබඳව ඇය ගොඩක් සතුටින් ඉන්නේ.ඒ වගේම ප්‍රේක්ෂකයනුත් ඇයට ඒ සඳහා සුභ පැතුම් එකතු කරලා තිබුණා. ඉතින් අපිත් ඒ  සියලු බලාපොරොත්තු ඒ ආකාරයෙන්  ඉෂ්ට සිද්ධ වේවා කියා හදවතින්ම ඇයට සුබ පැතුම් එක් කරන්නෙමු.