අතුල යට තට්ටුවේ අපි දෙන්න උඩ තට්ටුවේ,එක ගෙදර අපි තුන්දෙනා එකට ඉන්නේ – අමායා අධිකාරි

නිරූපන ශිල්පිනියක විදියට කළා ක්‍ෂේත්‍රයට ඇවිත් මේ වනවිට රංගන ශිල්පිනියක විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් තමයි අමායා අධිකාරි කියන්නේ, ඉතින් කාලෙකින් පෙන්න හිටියේ නැති අමායා එක්ක අපි ටිකක් කතා කරන්න හිතුවා,

අමායා මොකද මේ දවස්වල වැඩිය පෙන්න නැත්තේ..?

”මේකයි මට තාම ඉන්නේ පොඩි බබාලා, දුවනම් දැන් ටිකක් ලොකුයි, පුතාලා දෙන්නගේ වයස් ගැප් එක තියෙන්නේ අවුරුද්දයි, මම තාම ඒ දෙන්නට කිරි දෙනවා, ඉතින් මම කලාවෙන් පොඩ්ඩක් ඈත් වුනා, අනිත් හේතුව තමයි මට හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුනේ නෑ, මම මෙගා ටෙලිනාට්‍යවලට සම්බන්ද වෙන්න කැමති නෑ, මම පොඩි බිස්නස් එකක් කරගෙන යනවා, ඉතින් ඒ දේවල් වලට වැඩි අවදානයක් දීගෙන ඉන්නවා”

අමායා කලාවට ආව ගමන ගැන කියන්නකෝ බලන්න..?

මම මුලින්ම කළා ක්‍ෂේත්‍රයට ඇවිත් කලේ බ්‍රයිඩ්ල් පොටෝ ෂූට්, ඒ අක්කගේ වෙඩින් එකේදී ප්‍රේමසිරි හේවාවසම් මාව දැකලා එයා තමයි මාව පැජන්ට් එකකට මාව සම්බන්ද කරගත්තේ, ඊට පස්සේ ඉතින් දිගටම පැජන්ට් වලට පොටෝශුට් වලට සම්බන්ද වුනා, මොඩ්ලින් නිසා මම ගොඩක් ජනප්‍රිය වුනා, ඊටපස්සේ මම අතුල එක්ක විවාහ වුනා ඒ විවාහය එක්ක තමයි මම රංගනයට සමබන්ද වෙන්නේ, ඇත්තම කියනවනම් මම දැනගෙන හිටියේ නෑ මට රඟපාන පුළුවන් කියලා, රංගනයට සම්බන්ද වුනාට පස්සේ තමයි දැනගත්තේ මට ඒ හැකියාව තියෙනවා කියලා”

අමායා දැන් අතුලගෙන් වෙන්වෙලා හර්ෂගේ බිරිඳ විදියට වෙනමනේ ඉන්නේ, ඉතින් දැන් අතුල එක්ක කිසිම සම්බන්දයක් නැද්ද..?

”නැහැ නැහැ අපි එකම ගෙදර ඉන්නේ, අතුල ඉන්නේ යට තට්ටුවේ මමයි හර්ෂයි ඉන්නේ උඩ තට්ටුවේ, ඇත්තම කියනවනම් අතුල තමයි මගේ හොඳම යාලුවා, කාලයක් ආදරේ කරපු කෙනෙක් හොඳම යාලුවා වුනාම හොඳ තේරුම් ගැනීමක් තියෙනවා, අපේ යාළුකම කවදාවත් නැතිවෙන එකක් නෑ අපි ගැන සමහර මිනිස්සු කියන කතා දැක්කම අතුලට මට හර්ෂට හොඳටම හිනායනවා, අතුලයි හර්ෂයි කියන්නේ ඉස්සර ඉඳන්ම හොඳම යාළුවො, අතුල හරිම ආදරෙයි හර්ෂට, අතුල ආසම වොයිස් එක තියෙන්නේ හර්ෂට, අතුල චිරන්ත එක්කත් තරහා නෑ හර්ෂ එක්කත් තරහා නෑ, අපි හරිම ආතල් එකේ ඉන්නේ”