පන්සිල් පද පහෙන් “කාමය වරදවා හැසිරීම” කියන සිල්පදය මම කඩලා නෑ -ඉෂංකා අබේසේකර

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ‘කියාදෙන්න ආදරේ තරම්’ ටෙලිනාට්‍යයේ සමන්දිනීගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන සුන්දර රූ සපුවකට හිමිකම් කියන දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ඉෂංකා අබේසේකර කියලා කියන්නේ. ඉතින් ඇය රංගන ශිල්පිනියක් විදියට කළා ක්ෂේත්‍රයට එන්නේ 2019 දී ‘චන්ද්‍රපාණී’ ගීතයේ රූප රචනාව හරහායි. ඒ වගේම ඇය වෘත්තියෙන් ව්‍යාපාරිකාවක්. ඉතින් ඇය ඇයගේම කියලා import & export company එකක් කරනවා.

කොහොම නමුත් 2017දී ඇයගේ තාත්තා නැති වීමත් සමඟ ඇය ඒ සම්බන්ධය නැවැත්තුවා කියලත් ඇය කියනවා. ඉතින් ඇය අවුරුදු 18 ඉදන් අවුරුදු 27ක් වෙනකම්ම එකම කෙනෙකුට ආදරය කරපු කෙනෙක් කියලත් ඇය කියනවා. ඒ වගේම ඇයගේ හැම හීනෙකම හිටියේ ඔහු වගේම ඇය හැමදාම හිතුවේ ඔහු ගැනම විතරයි කියලත් ඉෂංකා කියනවා. හැබැයි ඇය ඒක දකින්නේ සංසාරේ ඇය කරපු මොකක් හරි පවක් නිසා ඔහුට ඒ ආදරේ දැනෙන්න නැතුව ඇති කියලයි.

ඉතින් ඒ නිසාම ගොඩක් ලොකු අවබෝධයකින් ඇය ඔහුට යන්න දුන්නා කියලයි ඉෂංකා කියන්නේ. ඉතින් ඒ වගේම ඇයට පන්සිල් පද 5න් රකින්න බැරි දේවල් තියෙනවා කියලත් ඇය කියනවා. මොකද ඇය සුරාමේරය පාවිච්චි කලේ නැති වුනාට, කාමය වරදවා හැසිරුනේ නැති වුනාට ඇය අතින් මුසා වාදා සිදුවෙනවා කියලයි ඉෂංකා කියන්නේ. ඒ වගේම ප්‍රාණ ගතයත් හිතලා කලේ නැති වුනාට මදුරුවෝ එහෙම මරන්න වෙනවා කියලත් ඇය කියනවා.

ඉතින් ඒ වගේම ඇය රංගන ශිල්පිනියක් වගේම වෘත්තියෙන් ව්‍යාපාරිකාවක් නිසා ඇයට ඇයගේ අම්මවයි, මල්ලිවයි බලාගෙන හොඳින් සතුටින් ජීවත් වෙන්න පුළුවන් තත්වෙක ඉන්නවා කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ ගැන ඇය හරිම සතුටුයි වගේම ඇයට හරි ආඩම්බරයි කියලයි ඉෂංකා අවසාන වශයෙන් පවසලා තිබුනේ.