ඔයාගේ ආදර සම්බන්ධතාවය දිගුකාලීනව පවත්වාගතයුතු නම් මෙම කරුණු අනුගමනය කරන්න

ආදර සම්බන්ධතාවයක් පටන් ගනිද්දි දෙන්නම හිතන්නෙ ඒක සදහටම තියේවි කියලයි. ඒත් පසුකාලීනව ඒක දුකක් හෝ සතුටටක් වුණත් සැබෑ ජීවිතය හැම දෙයක්ම නිසි තැනට පත් කරනවා. මේ ලිපියෙන් කියන්න යන දේවල් මඟින් ජීවිත කාලය පුරාම ඔයාගෙ සහකරු එක්ක සතුටින් ජීවත් වෙයිද කියලා පුරෝකථනය කරන්න පුලුවන්.

1.දෙදෙනාම අනාගතය සඳහා සූදානම් වීම

ඔයා පවුල් ජීවිතයක් සඳහා සුදානම් වුනත් ඔයාගෙ සහකරු එය කල් දමනවා නම් හෝ මඟ හරිනවා නම් ඒක ටිකක් නොගැලපෙන දෙයක්. සම්බන්ධතාවයක ආරම්භයේ දී ඔයාගෙ සහකරු දෙස සමීපව සොයා බැලීම හා ඔහුට ඔබ මෙන්ම ප්‍රමුඛතා තිබේදැයි සොයා බැලීම වඩා හොඳයි. ඔහුට ඔයා කැමති දේම අවශ්‍ය නම් ඔයාට කිසිදු සැකයකින් තොරව සම්බන්ධතාවය ආරම්භ කරන්න පුලුවන්.​

2.දෙදෙනාටම ජීවිතයේ එකම අවශ්‍යතා තිබීම

විවිධ අවශ්‍යතා තියෙන දෙන්නෙක්ට එකට ජීවත්වීම ඉතා අපහසුයි. ඔයාගෙ බිරිඳට නිවසේ වගකීම් සඳහා කැපවීමට අවශ්‍ය නම් හා පවුලේ වැඩ කරන එකම පුද්ගලයා ලෙස ඔයා හිතන්නේ නැත්නම් ඔයාට ඒ ගැන හිතන්න වෙනවා. ඔයා මේ සඳහා සූදානම් නැත්නම් සම්බන්ධතාවය පටන් ගන්න කලින් මේ ගැන සලකා බලන එක ගොඩක් වටිනවා.

3.මුදල් පිළිබඳ දෙදෙනාගේම ආකල්පය සමාන වීම

ආදායම් හා වියදම් සැලසුම් කිරීමට අපහසු අයට විශාල වගකීමක් සහිත හැම මිලදී ගැනීමකටම සම්බන්ධ අය සමඟ කටයුතු කරන එක ගොඩක් අමාරුයි. මුදල් පිළිබඳ මාතෘකාව ඉතා සියුම් නිසා ඒ අවශ්‍යතා බෙදා හදා ගන්නා පුද්ගලයෙක් එක්ක ඔයාගෙ ජීවිතය ගත කරන එක වඩා හොඳයි.

4.එකම සමාජ තත්වයක් තිබීම

සම්බන්ධතාවයක පටන්ගැන්මෙදි  මේ වෙනස්කම් මොකුත් දැනෙන්නෙ නෑ. ඒකට හේතුව තමයි ගැඹුරින් ආදරය කරන නිසා නොගැලපීම් පේන්නෙ නැතුව යනවා. ඒත් ඔයාගෙ සහකරු වෙනත් පරිසරයක හැදී වැඩී ඇති බව හිතන්න. ඔහුට හෝ ඇයට සරලම දේවල් ගැනත් වෙනස් ආකල්පයක් තියෙන්න පුළුවන්. මේ නිසා ඔයාව සම්පූර්ණයෙන් තේරුම් ගන්නෙ නැති වෙනවා. හැබැයි ඔයාලා හැදී වැඩුණු පරිසරයන් තරමක් හෝ සමාන නම් සහයෝගයෙන් කටයුතු කිරීම වඩා පහසු වෙනවා.

5.දෙදෙනා කෙරෙහි ඇති උනන්දුව​

ඔයාලා දීර්ඝ කාලයක් තිස්සේ ආදර සම්බන්ධතාවයක සිටිනවා නම් හැම අවස්ථාවෙදීම එකිනෙකාව උනන්දුවෙන් ලඟ තබා ගැනීම සඳහා එකට කාලය ගත කරනවා. උදාහරණයක් විදියට එකට චිත්‍රපට නැරඹන්න, ඉටිපන්දම් දැල්වූ රාත්‍රී භෝජන සංග්‍රහයක් රසවිඳින්න හෝ සවස ඇවිදීම වගේ දෙදෙනාටම සුවපහසුවක් ගෙන දෙන ඕනෑම ක්‍රියාකාරකමක් දක්වන්න පුළුවන්.