එයා කවදාවත් මාව රවට්ටන්නේ නෑ කියලා පොරොන්දු වෙලා තියෙන්නේ.එයා මාව බදිනවා කිව්වා – කාවින්ද්‍යා දුල්ෂානි

මේවනවිට ලංකාවේ ටෙලිනාට්‍ය කලාවට නැතුවම බැරි රංගන ශිල්පිනියක් තමයි කාවින්ද්‍යා දුල්ෂානි කියන්නේ, මේ වෙද්දී හැමෝම අතර කතාබහට ලක්වෙන චරිතයක් විදියටත් කාවින්ද්‍යා හඳුන්වන්න පුළුවන්, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ කාවින්ද්‍යා මොකද වෙන්නේ මේ දවස්වල ”මේ දවස්වල මම ලංකාවේ නෑ, ලංකාවෙන් ටිකක් එලියට ඇවිත් ඉන්නේ නිවාඩුවක් ගතකරන්න,

මගතොටේදී ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද..? ”ගොඩක්ම හොඳ ප්‍රතිචාර ලැබෙනවා, සුද්දී සහ සලිමා සහ චාපා කියන නම් වලින් තමයි ගොඩක් අය මට කතා කරන්නේ මොකද ඒ අයට මාව සමීම මම රඟපාන නාට්‍ය වලින්, ඒ අය මගේ නාට්‍ය බලන නිසා සහ ඒ චරිත හිතේ තියෙන නිසා නේ ඒ නම් වලින් මට කතා කරන්නේ, මම ඒකට ගොඩක්ම කැමතියි මොකද හරිම සතුටක් දැනෙනවා එහෙම කතා කරද්දී”

කාවින්ද්‍යා දැන් ජීවිතේ සුන්දරම කාලය ගතකරන්නේ ආදරයක් එහෙම තියෙනවද..? ”ඔව්, මෑතක් වෙනකන්ම මම කිවුවේ මට ආදරවන්තයෙක් නෑ කියලා, හැබැයි දැන් ඒ උත්තරේ වෙනස්, දැන් මට ආදරවන්තයෙක් ඉන්නවා, මම හිතන විදියට මගේ ජීවිතේ ලැබුන හොඳම කෙනා එයා, එයා කවදාවත් මාව රවට්ටන්නේ නෑ කියලා පොරොන්දු වෙලා තියෙන්නේ, මම දැන් නිදහසේ ආදරේ කරන නිදහසේ ආදරේ විඳින කෙනෙක්, එයාගේ නම බුද්ධික ජයවර්ධන, අපි තාම අපේ විවාහය ප්ලෑන් කරලා නෑ ඉතින් ඒ දේවල් වෙන්න ඕන කාලේදී හරියට සිදුවේවි, වැඩි විස්තර ඉස්සරහට කියන්නම්. දැන්ම ඔක්කොම කිවුවොත් අගයක් නෑ නේ”

සමහර දේවල් සිදුවුනේ නැත්තන් හොඳයි කියලා හිතුන අවස්ථා නැද්ද ඔයාගේ ජීවිතේ ”නෑ කියන්න බෑ මොකද ඒක බොරුවක්, මගේ ජීවිතේ සමහර
දේවල් සිදු නොවුණා නම් හොඳයි කියලා මට හිතිලා තියෙනවා, හැබැයි මම දැන් ඒ දේවල් ගැන ලොකුවට හිතන්නේ නෑ, අපේ ජීවිතවලට කාලෙන් කාලෙට දුක සතුට කියන දේ එනවා, ඒක සාමාන්‍ය දෙයක් කියලා මම දැන් අවබෝද කරගෙන ඉන්නේ, ජීවිතේ ලබන අත්දැකීම් වලින් පාඩම් ඉගනගෙන මම මගේ ජීවිතේ ඉදිරියට අරගෙන යනවා”