අපේ පවුලේ කාටවත් නෑ මට විතරයි ඒක තියෙන්නේ – වින්ඩි ගුණතිලක

මේ දවස්වල හැමෝම අතර ජනප්‍රිය වෙලා තියෙන ගීතයක් තමයි ‘අයියෝ සාමි’ ගීතය, මෙම ගීතය ලංකාවේ වගේම ඉන්දියාවේත් මේ වනවිට ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ, ඉතින් අපි හිතුවා මෙම ගීතයේ ගායිකාව වන ට්‍රිනීටා ටෝනියෝ වින්ඩි ගුණතිලක එක්ක ටිකක් කතා කරන්න,

වින්ඩි ඇත්තටම මේ ගීතය මෙච්චර හිට් එකක් වේවි කියලා,

”ඇත්තම කියනවනම් නැහැ, මෙච්චර ඉක්මනට මේ ගීතය වයිරල් වේවි කියලා මම හිතුවේ නෑ, මේ වෙද්දී ලැබුන හැම ප්‍රතිචාරයක්ම ගොඩක් හොද ඒවා, ලංකාවේ විතරක් නෙවෙයි කුවේට්, කටාර්, ඩුබායි වගේ රටවලත් ට්‍රෙන්ඩින් ලිස්ට්වලත් මේ සින්දුව තියෙනවා ඇත්තට හරිම සතුටුයි ඒ ගැන,”

වින්ඩි ගැන කතා කරද්දී කතා නොකරම බැරි චරිතයක් තමයි සනුක කියන්නේ, ඉතින් කියන්නකෝ කොහොමද සංගීත ජීවිතයට සනුකගෙන් ලැබෙන ප්‍රතිචාර

”ඒ ලැබෙන සහය වචනයෙන් විස්තර කරන්න ගොඩක් අමාරුයි මොකද සනුකගෙන් මට ගොඩක් ලොකු සපෝර්ට් එකක් ලැබෙනවා, එයා එයාට සින්දු හදන ගමන් මටත් හදලා දෙනවා, තාත්තයි සනුකයි තමයි මට ගීත හදලා දෙන්නේ,”

ඉස්සර වින්ඩි සින්දු කියන්නේ නැත්තේ බය නිසා කියලා අපිට දැනගන්න ලැබුනා, ඉතින් වින්ඩි තාමත් ඒ බය තියෙනවද..?

”ඔව් ටිකක් විතර තාම තියෙනවා, ඇයි දන්නේ නෑ එහෙම වෙන්නේ කියලා, පොඩි කාලේ ඉඳලම මට එහෙමයි, අපේ පවුලේ කාටවත් නෑ ඒ වගේ ප්‍රශ්නයක් මට විතරයි තියෙන්නේ, හැබැයි දැන්නම් ගොඩක් දුරට ඒ බය අඩුවෙලා තියෙන්නේ හැබැයි නැතිවෙලා නෑ තාම”

දැන් වින්ඩි කියන්නේ අතිශය ජනප්‍රිය ගායිකාවක්, ඉතින් ඔයාට ආදරේ කරන ප්‍රේක්ෂකයන්ට මොනවද කියන්න තියෙන්නේ

”ප්‍රේක්ෂයන්ට ස්තුති කරන්නයි මට ඕන, මොකද ඒ අයගේ ප්‍රතිචාර ගොඩක් වටිනවා, ඒ දේවල් නිසා මගේ ගමන ගොඩක් ශක්තිමත් වෙනවා, මම තවම මේ ක්‍ෂේත්‍රයේ වැඩ පටන්ගත්තා විතරයි, මට තව ගොඩක් දුර යන්න තියෙනවා, මට ගොඩක් දුර යන්න තියෙනවා කියලා මම හිතනවා, ඉතින් මට ආදරේ කරන ප්‍රේක්‍ෂකයන්ට හොඳ නිර්මාණ ලබාදෙන්න මම බලාපොරොත්තු වෙනවා”