විශ්ව ආකර්ෂණ නීතිය මගින් ලස්සන වෙන රහස

ගොඩක් දෙනා විශ්වාසයෙන් තමන්ට අවශ්‍ය දේ ළඟාකර ගන්නා ක්‍රමයක් තමයි මේ විශ්ව ආකර්ශන නීතිය.ඉතින් අද අපි මේ ලිපියෙන් කතා කරන්නේ විශ්ව ආකර්ශන නීතිය මගින් ඔබට අවශ්‍ය කරපු රූපය, ඔබට අවශ්‍ය කරන ආකර්ෂණීය බව ලබා ගන්නේ කොහොමද කියන එක.ඔබ ට ඇති  වටිනාම වස්තූන් අතරින් එකක් තමයි ඔබේ මුහුණ .මොකද අප සමාජයට නිරාවරණය වන හා සමාජය සමග ගනුදෙනු කරන්නේ ඔබේ මුහුණත්,ඔබේ පෙනුමත් එක්ක. මේ සමාජයේ ප්‍රියකරු හා ප්‍රසන්න භාවය කියන දේට ලැබෙන තැනත් වැඩි.නමුත් ඔබ කිසි විටකත් හිතන්න එපා මේ ප්‍රියකරු බාවය කියන්නේ සමේ පැහැය කියලා.අවාසනාවකට අපේ රටේ ලස්සනයි කියන්න මිනිසුන් විසින් අමුතුම රාමුවක් හදාගෙන තියෙනවා. මේ ලිපියෙන්  විස්තර කරනවා ඔබේ  ලස්සන මතුපිටට ගේන්න පුළුවන් ආකාරය පිළිබඳව.

ලස්සනට ඉන්න කෙනෙක් හරිම ප්‍රසන්නයි.මේ ලස්සන මිනිස්සුන්ට ඇති වෙන්නේ මිනිසුන්ගේ අභ්‍යන්තරයෙන්.ඒ ලස්සනට තමයි පෞරුෂත්වය කියන්නේ.පෞර්ෂත්වය කියන දේ අපි පුළුල්ව කතා කරන්න ඕන දෙයක්.නමුත් මේ අපි කතා කරන්නේ පෞරුෂත්වයේ  මූලික අංගයක් වන බාහිර පෙනුම පිළිබදවයි.ලස්සන කියන්නේ උස ද මිටි ද ,මහතද කෙට්ටුද ,සුදු ද කළු ද  කියන එක නෙමෙයි.අවාසනාවකට දැන් සමාජයේ බොහෝ දෙනෙක් ලස්සන කියන දේ දකින්නේ මේ දේවල් වලින්.ඔබේ බාහිර පෙනුමෙන්, ඔබ අදින පලදින විදිහෙන් හා ඔබ පිටතදී හැසිරෙන ආකාරයෙන්   ඔබ පිළිබඳව අදහසක් මේ සමාජය ගනු ලබයි. ලස්සන කියන දේට වඩා වැදගත් වෙන්නේ පෞරුෂත්වය කියන දේ ගොඩ නගා ගැනීමයි. ඔබේ පෙනුම මොකක් උනත් ඔබ පෞරුෂත්වයෙන්  හෙබි පුද්ගලයෙක් නම්  ඔබ සමාජයට සුන්දර පුද්ගලයෙක්.

ඔබ අසා ඇති ඕනැතරම් සමාජයේ එතරම් පෙනුමෙන් ලස්සන නොවුනත් ඕන තරම් “මේ කෙනාට තියෙන්නේ අමුතුම ලස්සනක් ” කියන දෙය අසා ඇති.අපිට මේ වගේ  අමුතුම ආකර්ශනයක් තියෙන, අපි දැක්ක ගමන් මෙයා හරිම පිං පාටයි ,මෙයා හරි ලස්සනයි, මෙයාගේ තියෙන්නේ අමුතුම ලස්සනක්,මේ ළමයා හරිම සිරියාවයි වගේ දේවල් කියන්නෙ මෙන්න මේ ආකාර්ශනය නිසා.ඉතින් අපි ඔබට කියලා දෙන්නෙ මෙන්න මේ ආකර්ෂණය ලබා ගන්නෙ කොහොමද කියන එක.ඔබ කැමති ආකාරයේ  ඔබට අවශ්‍ය පුද්ගලියකු වීමේ හැකියාව ඔබ සතුයි.මෙම න්‍යාය ලෝකය පුරා  පරීක්ෂකයන් ,විශ්ලේෂකයින් ,සාර්ථකව හදාරා, අත් හදා  බැලීම් කර, ඔප්පු කරන ලද දෙයකි. දැන් බලමු මේක කොහොමද අපේ ජීවිතේට ලන් කර ගන්නෙ කියලා.

මේක ඔබේ හිතත් සමග සම්බන්ධ ක්‍රියාවලියක් .පළමු දේ ඔබට ලස්සන වෙන්න අවශ්‍ය නම් , ඔබට  පෞරුෂයක් ගොඩනගා ගන්න අවශ්‍ය නම් ඔබ ඔබව පිළිගත යුතුයි.ඔබ කණ්ණාඩියක් ඉදිරියට ගොස් ඔබේ මුළු රූපය දෙසම බලන්න.එසේ බලමින් ඔබ මහතයි , කෙට්ටුයි , අවලස්සනයි වගේ negative නැත්තං සෘණාත්මක අදහස් වලින් මිදෙන්න උත්සාහ කරන්න.ඔබ ඔබේ රූපයට ඇලුම් කරන්න පුරුදු වෙන්න.ඔබ ඔබව පිලි ගන්න.දෙවෙනි කාරණය තමයි ඔබ ඔබ පිළිබඳව ආත්ම  විශ්වාසයක් ගොඩනඟා ගත යුතුයි.මේ පියවර දෙකෙන් අපි පෞර්ෂත්වය ගොඩ නගා ගන්නා ආකාරය සොයා බලමු.

මුලින්ම ඔබ ඔබම වීමේදී වෙන කවුරුවත් නෙමේ ඔබ ඔබවම පිළිගන්න.වෙන කාගෙවත් රූපයක් ඔබ ඔබෙන් බලාපොරොත්තු වෙන්න එපා.ඔබ ඔබම වන්න .දෙවැනි පියවර ලෙස අපි කරන්නේ මුලින්ම ඔබව අභ්‍යන්තරයෙන් ලස්සන කරන එක.ශරීර අභ්‍යන්තරයට දෙන ප්‍රතිකාර තමයි ඔබව මෙහෙම ලස්සන කරන්න උපකාරී වෙන්නේ. මේක සිදු කරන්න නම් ඔබට මේ පිළිබඳව ඉතාමත් විශ්වාසයකින් යුතු සිතක් තියෙන්න ඕන.මුලින්ම ඔබ පුරුදු වෙන්න මේ ප්‍රතිකාර සිදු කරන්න.ඔබ උදෑසන අවදි වූ විගස ම විශ්වය සමග කතා කරන්න .ඔබ නොදන්නවා උනාට ඔබත් සමඟ මේ විශ්වයට ඇත්තේ පුදුමාකාර බැඳීමක්.ඔබ හිතන පතන දේ ඔබ කියන දේ මේ විශ්වයට හොඳින් දැනෙනවා.උදෑසන අවදි වුණ ගමන්ම පුරුදුවෙන්න විශ්වයට ඔබට දැනට ලැබී තියෙන රූපය පිළිබඳව ස්තුතිවන්ත වෙන්න.ඒත් එක්කම ඔබ යටි සිතින් හිතන්න මං තවත් ලස්සන වෙනවා, දිනෙන් දින මාව ලස්සන වෙනවා කියන එක.මෙහෙම තුන්පාරක් විතර සිතන්න . මේ ප්‍රතිකාරය දවසට තුන් පාරක් කරන්න ඕනේ.උදෑසන අවදි වූ ගමන්ම , දවල් කාලයේදී හා නින්දට යාමට ප්‍රථම මෙය සිදුකරන්න.