කටක් ඇරලා නොකීවට පිරිමින් මේවාට හරිම කැමතියි.

අද අපි කතා කරන්න යන්නෙ පිරිමි කෙලින්ම නොකීවට ගැහැණු අයගෙ කැමතිම දේවල් කිහිපයක් ගැනයි.

ඇස් දිහා බලාගෙන කෙලින් කතා කරන්න.

බොහොමයක් පිරිමින් කෙලින්ම නොකිව්වට වඩාත් කැමැති වන්නේ කාන්තාවන් තමන් දිහා කෙලින් බලාගෙන කතා කරනවාටයි.බොහොමයක් ගැහැනු අය කෙලින් බලාගෙන ඇස් දෙක දිහා බලාගෙන කතා කරන්න ටිකක් මැලි වුණත් පිරිමි අය වාඩාත් වඩාත් ආකර්ෂණය වන්නේ ඇස් දෙක දිහා බලාගෙන කෙලින් කතා කරන අයටයි.

විහිළුවට සහ විනෝදයට හරිම කැමතියි.

සමහර කාන්තාවන් සිටිනවා හරිම සාම්ප්‍රදායිකයි.ඔවුන් ජීවිතය දිහා බලන්නේ ඉතාමත් බැරෑරුම් විදියට.ඒක ජීවිතයට අවශ්‍ය දෙයක් උනත් ඕනවට වඩා ජීවිතේ ගැන බැරෑරුම් වීම අනවශ්‍ය දෙයක්.ප්‍රසිද්ධියේ නොකිවාට පිරිමින් වඩාත් කැමැති වන්නේ ඉතාමත් විනෝදයෙන් සතුටින් සැහැල්ලුවෙන් ඉන්න ගැහැනු අයටයි.

සුවදට ඉතාමත් ලොල් කරනව.

සුවඳට අපි කොයි කවුරුත් ප්‍රිය කරනවා. පිරිමි අය නොදැනුවත්වම නොදැනුවත්ව ම සුවඳ කියන දේට ඉබේටම වගේ සිත ඇදිලා යනවා. නහය කඩාගෙන යන සුවඳට වඩා ඉතාමත් මෘදු සුවඳට ඔවුන් වඩාත් ප්‍රිය කරනවා. කෙලින්ම නොකිවාට නොකිවාට කාන්තාවක් ලඟින් ඉතාමත් මෘදු ලස්සන මිහිරි සුවඳක් එනවා ට ඔවුන් ඉතාමත් කැමතියි.

ධනාත්මක ආකල්ප.

පිරිමි අයකු සමග යම්කිසි සම්බන්ධතාවයක සිටින විටදී පවා ඔවුන් සමඟ කටයුතු කරන විට ඉතාමත් ධනාත්මක ලෙස කටයුතු කරනවාට ඔවුන් ඉතාමත් කැමතියි.බොහෝවිට ඉතාමත් සෘණාත්මක ආකල්ප තියෙන කාන්තාවන් සමග කටයුතු කිරීමට පිරිමි දක්වන්නෙ අකමැත්තක්.ඊට හේතුවවන්නෙ, ඔවුන් සමග සිටින විටදී නොදැනුවත්වම තමනුත් ඒ ආකාරයෙන් සෘණාත්මක සිතුවිලි සහිත පුද්ගලයකු බවට පත් වීමට හැකි නිසයි.

අදහස් බෙදාගන්න.

සාමාන්‍යයෙන් අදහස් හුවමාරු කරගැනීම බොහෝවිට සිදුවන්නෙ ගැහැණු ගැහැණු අතර සහ පිරිමි පිරිමි අතරයි.ගැහැණු අය වඩාත් වැඩියෙන් අදහස් බෙදාගැනීම සිදුකලද පිරිමි අය ඊට උදාසීන බවක් තමයි දක්වන්නෙ. නමුත් ඔවුන් නොකීවට තම විරුද්ධ ලිංගිකයකු සමග අදහස් බෙදාගැනීමට විශාල කැමැත්තක් දක්වනවා.