පිරිමින් හැරි හැරී බලන සුන්දර කාන්තා පස්ස ගැන ඔබ නොදත් දේවල්

පිරිමි හිත ගෑනු කෙනෙක්ට මුලින්ම ඇලෙන්නේ රූපය නිසා. පසුව ගතිගුණ, ස්වභාවය, ආදරය වගේ සීනිබෝල වචන වලින් ඒ ආකර්ෂණය වර්ණවත් වෙනවා. මේ පිරිමි ඇස් ඇලෙන කාන්තා රූපයේ තියෙන මාරම ප්ලේස් එකක් තමයි කාන්තාවන්ගෙ පස්ස. හැඩකාර ඇඟක් තියෙන කාන්තාවක් සිය ඉඟ සුඟ නලවමින් යන විට තවුසන්ට පවා හැරී බලන්නට සිතෙනවා. එහෙම කාන්තාවන්ගේ පිටුපසට ආකර්ෂණය වීම ඇස් වල තියෙන වනචරකමක් නෙමෙයි. ඒක පරිණාමිකව අපිට උරුම වුන දෙයක්.

1. කොහොමද හරියටම කියන්නේ?

කාන්තාවන්ගේ ෆොටෝ ඇසුරින්, ත්‍රීඩී මොඩල් ඇසුරින් වඩාත්ම ආකර්ෂණීය කාන්තා රූප තෝරාගෙන තිබෙනවා. ඒ අතරින් ඡායාරූප සහ හැඩතල අනුව වැඩිම ආකර්ෂණයක් දිනාගෙන තියෙන්නේ මදක් නෙරාගිය පස්සක් සහිත ගෑනු අය. ඒ අතරිනුත් ඒ පිටුපස කොටසේ කර්වුස් හෙවත් නැමීම් වඩාත් හොඳට පෙන්වන ඉරියව් සහිත ෆොටෝ පිරිමින් අතර වඩාත් ජනප්‍රිය වෙලා තියෙනවා. කිම් කාඩේෂියන් සහ ජෙනිෆර් ලෝපෙස් ගත් විට ඔවුන්ගේ සේයාරූ අතර පවා පිටුපස භාගයේ වූ ඔවුන්ගේ කමණීය නැවුම් සහිත පශ්චාත්භාගය පේන ෆොටෝ ගොඩක් ඉක්මනින් ජනප්‍රිය වෙලා තියෙනවා

2. ඇයි එහෙම ආකර්ෂණය වෙන්නේ?

මිනිස්සු කියන්නේ හිටගෙන ගමන් කරන ජාතියක්. ඇතැම් වඳුරු විශේෂ වල කාන්තා වැඳිරියන්ගේ ලිංගික ඉන්ද්‍රිය රතුපාට වැනි ආකර්ෂණීය වර්ණ වලින් ලස්සන වෙලා තියෙනවා. ඒ ඔස්සේ වඳුරන්ගේ ආකර්ෂණය එම ස්ථාන වෙත ඇදී යනවා. මිනිසා හිටගෙන ඇවිදීමත් එක්ක කාන්තාවන්ගේ යෝනි අවයව පිටතට පෙනීම නැවතුනා. ඉන් පසු මනුෂ්‍ය ගැහැනියගේ ආකර්ෂණීය ස්වභාවය මේ විශාල වූ රවුන් වූ පිටුපසට උරුම වුනා කියලා විද්‍යාඥයින් අතර මතයක් තියෙනවා. මිනිස්සු දෙපයින් ගමන් කරන විට කාන්තාවන්ගේ මෙම පිටුපස කොටසේ ගැස්සීම් පැද්දීම් කවියන්ගේ පවා අවධානයට ලක් වෙලා තියෙනවා.

3. පස්සේ යොදාගැනීම්

මේ කාන්තාවන්ගේ ආකර්ෂණීය පිටුපස කොටස කලා නිර්මාණ වලට හරි හරියට යොදාගන්නවා. ඔබ රූපවාහිනී නරඹනවා නම් විවිධ දෑ විකුණාගන්න වෙළඳ දැන්වීම් වලට කාන්තාව යොදාගෙන ඇති තැන් රැසක් දකිනවා ඇති. අවධානයෙන් බැලුවොත් ඒ බොහෝ තැන්වල කාන්තාවන්ගේ හැඩය ඉස්මතු කරන්නට ඔවුන් උත්සාහ කර ඇති බව ඔබට පෙනේවි. දේශීය නැටුම් ක්‍රම වලදී වගේම විදෙස් කාන්තා නැටුම් වලදීද කාන්තා පිටුපසට විශේෂ තැනක් ලැබිලා තියෙනවා. එහි හැඩය හොඳට පේන පරිදි කරන නැටුම් අපේ ඇස් ඇද බැඳ තබාගන්නවා. ඡායාරූප කලාවෙදිත් කාන්තාවන් ගේ සේයාරූ ගැනීමේදී සිරුරේ එම පිටුපස කොටසෙහි වක්‍ර හැඩය ඉස්මතු වෙන ලෙස සේයාරූ ගැනීම ෆොටෝ වල ආකර්ෂණය වැඩිවන්නට හේතු වෙනවා.

4. පස්සේ ෆැෂන්

#න පුකට මොන ෆැෂන්ද කියා ඇතැමුන් කටට ආ පලියට කියන වාක්‍ය තියෙනවා. ඒත් සැලකිල්ලෙන් කාන්තා ඇඳුම් දෙස බැලුවොත් පැහැදිලිවම පශ්චාත් භාගයට විශේෂ තැනක් ලැබෙනවා. පිටුපස ඇති වක්‍රීය ස්වභාවය වඩාත් ඉස්මතු වන්නට විශේෂිත වූ යට ඇඳුම් තිබෙනවා. ඒ වගේම හයි හීල්ස් හෙවත් අඩි උස සපත්තු දැම්මාට පසුවත් පිටුපස භාගය හොඳින් ඉස්මතු වෙනවා. ඇඳුම් මොස්තර ගත්තා වුනත් නිකාම්ම හිර නොවූ ඩෙනිමක් ඇඳන් ඉන්න කාන්තාවකට වඩා මදක් හිර කලිසමක් ඇඳලා පිටුපස හැඩය කදිමෙට පෙන්වන යුවතියක් පිරිමි ඇස් ලේසියෙන්ම ඩැහැ ගන්නවා. ෆැෂන් කියන්නේ ඇඳලා එකතැනක ඉඳීමත් නෙමෙයි. ෆැෂන් ෂෝ වලදි වගේම සාමාන්‍ය ජීවිතයේදිත් පස්ස ගස්සලා පද්දලා ඇවිදින යුවතියන්ට අමතර ප්‍රමුඛතාවයක් ලැබෙනවා.

5. වැඩි දෙනෙක් නොදකින වාසි

මිනිස්සු ඔක්කෝම මේ සිරුර ගැන කළකිරිලා වනගත වුනොත් ලෝකය පවතින්නේ නැහැ. ඉතින් මේ මිනිස්සුන්ගේ සිත ඇදී යන්න නොයෙක් දේ පහළ වෙලා තියෙනවා. ඒ අතර ගැහැනියගේ හැඩය මිනිසුන් තපසින් ගලවන එක් විශේෂ පොයින්ට් එකක්. මිනිස් ගහණය පවත්වා ගන්න, ප්‍රජනන කාර්යයට මිනිස්සු වඩාත් උනන්දු වෙන්න සිරුරේ හැඩය වැදගත් වෙනවා. ඒ වගේම පිටුපස කොටස ලොකු යුවතියන්ට දරුවන් වැදීමේ කාර්යයේදී යම් ලෙහෙසියක් පහසුවක් ලැබෙනවා. ඒ අනුව පිටුපස ලොකු කාන්තාවන්ට වැඩි වැඩියෙන් ආකර්ෂණය වීමෙන් අනාගතයේදී එවැනි කාන්තාවන් වැඩි වීමද ස්වභාවිකවම සිදු වෙනවා.