තමන්ගේ අපහසුතා කියන්න, බෙදාගන්න බැරි අයට මම කැමතියි පිහිට වෙන්න – මිෂෙල් දිල්හා

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන ජාතික රූපවාහිනියේ ‘කාසි’, ස්වාධීන රූපවාහිනියේ ‘ලෝකා’ සහ සුනිල් කොස්තා මහතාගේ ‘පනම් බඳින ගස්’ කියන ටෙලිනාට්‍ය තුන හරහාම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සම්මානනීය සුරුපී රංගන ශිල්පිනියක් තමයි මිෂෙල් දිල්හාරා කියලා කියන්නේ.

ඉතින් අපේ රටේ පවතින උද්ධමනයත් එක්ක ළමා නිවාස, වැඩිහිටි නිවාස, සමාජ අදෘශ්‍යමානතාවට ලක් වෙලා ඉන්න අය විවිධ ආර්ථික අපහසුතාවලට ලක්වෙලා තිබෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම සමහර අයට තමන්ගේ අපහසුතා හැමෝටම කියන්න, බෙදාගන්න බැරි නිසා නිහඬව දුක් විඳිනවා කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇය විශ්වාස කරන විධියට රංගනයෙන් ඇයට මුදලක් ලැබෙන්නේ, ඒක බලන්න ප්‍රේක්‍ෂයන් ඉන්න නිසා කියලයි ඇය කියන්නේ. ඉතින් සමාජ මාධ්‍යයේ, පාර තොටේදී ඔවුන්ව දිරිගන්නවන අය දුක් විඳිද්දී ඇය විතරක් ඇයගේ කෑම වේල් තුන හරියට කන එක වැරදියි කියලා ඇයට හිතෙනවාලු. ඒ නිසා ඇයට ලැබෙන ආදායමෙන් කොටසක් සමාජෙටත් යළි ලබා දෙන්න ඇය උත්සාහ කරනවා.

ඒක රටේ පවතින ප්‍රශ්නයට සමගාමීව පොඩි ප්‍රමාණයක් වෙන්න පුළුවන් වුනත් කොහේ හරි තැනකින් මේ ප්‍රශ්නයට උත්තරයක් හොයන්න ඇය පටන් ගත්තා කියලයි මිෂෙල් කියන්නේ. ඒ වගේ,ම දැනට රටවල් 194ක් කියාත්මක වන ලෝකයේ ලොකුම පාරසරික සංවිධානය වන Earth Day Network ආයතනයේ ශ්‍රී ලංකා තානාපති ධුරය පහුගිය දවසක ඇයට ලැබුණා.
ඒ වගෙම ආදරය කියන්නේ අපි හැමෝටම විශේෂිත දෙයක් කියලයි ඇය කියන්නේ. ඉතින් අපි හැමෝගෙම හිතේ කා ගැන හරි ආදරයක් තිබෙනවා වුනත් ඇය විශ්වාස කරන්නේ තාම ඇය ඇයගේ පොතත් එක්ක සහ නාට්‍යයත් එක්ක කාර්යබුහුල වෙලා ඉන්න නිසා ඒ ගැන හිතන්න තවම කාලය ඇවිත් නැහැ කියලලු.