නළු නිලියෝ කියන්නෙ නූගත් පිරිසක් නෙවෙයි,මමත් ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 184ක් ගත්තා -ඕෂධී හේවාම්ද්දුම

එදා රංගනයට පායපු තරුවක් විදියට කාලයක් ක්ශේෂ්ත්‍රයේ ජනප්‍රියත්වය ඉහලින්ම ලබා ගත් කෙනෙක් තමයි ඕෂධී හේවාම්ද්දුම කියන්නේ. ඉතින් ජනප්‍රියත්වය ඉහලින්ම ලැබෙන කාලය තුලදී විවාහ වෙන ඕෂධී මේ වන විට ආදරණීය මවක්.

ඉතින් කාලයක් දේශපාලනයට පිවිසෙන ඕෂධි ගැන හැමෝම කතා බහ කරන්නට වුණා. ඒ රංගන ශිල්පිනියක් ව සිටියදී දේශපාලනයට පිවිසුන නිසා. ඉතින් හැමෝම හොයන්න පටන් ගත්තේ දේශපාලනයට පිවිසෙන්න ඕෂධීගේ අධ්‍යාපන සුදුසුකම් මොනවද කියලා. ඒ ගැන ඕෂධී එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” හැමෝම හිතන්නේ නලු නිලියො කිව්වම නූගත් පිරිසක් කියලා. මම පහේ ශිෂ්‍යත්ව විභාගයෙන් 200න් ලකුණු 184ක් ලබා ගත්තා. කොළඹ විශාකා විද්‍යාලයෙන් වාණිජ අංශයෙන් උසස් පෙල හදාරලා මට විශ්වවිද්‍යාලයට යන්න මදිවෙනවා. හැබැයි මම ෆොරින් ඩිග්‍රී එකක් කරනවා බිස්නස් ගැන. අලෙවිකරණය පිළිබද මට ඔපටුනිටීස් ආවා. මම ශූටින් යන ගමන්ම ක්ලාස් ගියේ, ලෙක්චර්ස් ගියේ. ඒක මම ආශ්‍රය කරපු අය දන්නවා. මගේ ටාගට් එක තිබුණේ මගේම කියලා බිස්නස් එකක් පටන් ගන්න.