සමහර ඇන්ටිලා මගෙන් අහනවා අනෙ දුව ඔහොම ඇදගෙන පාරේ යන්නෙ කොහොමද කියලා – රෝමෙන් විලිස්

මේ වන විට අපේ රටේ බිහිවෙලා සිටින ජාත්‍යන්තරයට පවා සුදුසුකම් ලබන ඉතාමත් අද්විතීය  තරුණියක් සිටිනවා. ගායන ශිල්පිනියක් වශයෙන් කටයුතු කරන අතර මේ වනවිට අපේ රටේ අතිශයින්ම ජනප්‍රියත්වයට පත් වුණ ගීත කිහිපයක්ම ඇය විසින් ගායනා කර තිබෙනවා.

ඇය එක්තරා යූ ටියුබ් සම්මුඛ සාකච්ඡාවකට මුහුණ දෙමින් අදහස් දක්වා සිටියෙ මේ ආකාරයටයි.

” මම කියන්නේ මිනිස්සුන්ට මිනිස්සු වෙන්න දෙන්නෙ කියලා.ගැහැණු ළමයින්ට ගැහැණු ළමයි වෙන්න දෙන්න.පිරිමි ළමයින්ට පිරිමි ළමයි වෙන්න දෙන්න.ඒ අයට ඒ විදියට දේවල් කරන්න ඉඩ දුන්නහම තමයි අපිට පුදුමාකාර දේවල් අත් දකින්න සිදුවෙන්නේ.එහෙම නැතිව අරක කරන්න එපා මේක කරන්න එපා කියලා කිව්වම කොහොමද එයාලා අලුත් දේවල් කරන්නේ.

සමහර වෙලාවට අැන්ටිලා මම දිහා බලලා අහනවා අනේ දුවේ කොහොමද ඔය විදියට ඇඳගෙන පාරේ යන්නේ කියලා.එතකොට මම අහන්නේ අනේ  ඇයි ඇන්ටි මම ලස්සනට ඉන්න ඕන කාලෙ මේ විදියට අඳින්නෙ නැතිව ඔයාලගේ වයසට ආපුහාම අඳින්න ද කියලා.”