ප්‍රොමිස් මම ඉන්ජක්ෂන් අරන් සුදු වුන කෙල්ලෙක් නෙවෙයි – සචිනි දිල්හාරා

මේ දවස්වල කාගේත් ආදරේ දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක් වගේම නර්ථන ශිල්පිනියක් තමයි සචිනි දිල්හාරා කියන්නේ, විවිද නිර්මාණ හරහා ප්‍රේක්ෂක ආදරේ දිනාගන්න සමත් වුන සචිනි සමගයි අපි අද කතා කරන්න සුදානම් වෙන්නේ.

සචිනි කියන්නේ ගොඩක් සුන්දර තරුණියක් නේ ඉතින් අපිට කියන්නකෝ ඔයාගේ පලවෙනි ආදරේ ගැන ”මෙහෙමයි මගෙන් පළවෙනියටම පිරිමි ළමයෙක් මගෙන් කැමතිද ඇහුවේ හත වසරේදී, එයා මගෙන් ඒක ඇහුවේ නිවාඩු දෙන දවසේ. ඒ බෝයි මගේ ස්කූල් වෑන් එක ලඟට ඇවිත් මට චීට් එකක් දුන්නා එකේ ලියලා තිබ්බේ අයි ලවු යූ කියලා,

මම ඒක ගෙදර ආවගමන් අම්මට කිවුවා, හැබැයි මම ගෙදර කම්පියුටරේ පවර් පොයින්ට්එක ඕපන් කරලා එකේ දිනය එක්කම දාලා එක හයිඩ් කරලා තියාගෙන හිටියා” විරහව එහෙම විඳලා තියෙනවද සචිනි ”ඔව් මම එක රිලේෂන්ෂිප් එක නිසා ගොඩක්ම වැටුනා, ඒ රිලේෂන්ෂිප් එක නිසා මම සෑහෙන්න අසරණ වුනා, හොස්පිටල් හිටියා, ඩිප්රේෂන් හැදිලා හිටියා, අනිත් අයට ඇඩ්වයිස් දුන්නට තමන්ට දෙයක් වුනාම තමයි තේරෙන්නේ ඒක කොච්චර අමාරු දෙයක්ද කියලා,

සචිනි කොහොමද ඔච්චර ලස්සන වුනේ එන්නත් වලින්ද..? ”මෙහෙමයි කෙල්ලෙක් උනාම ලස්සනට පිළිවෙලට ඉන්න ඕන, හැබැයි මම ඉන්ජක්ෂන් අරන් සුදු වුන කෙල්ලෙක් නෙවෙයි, ප්‍රොමිස්, අම්මාපල්ලා මම ඉන්ජක්ෂන් ගහලා සුදු වුනේ නෑ, එහෙම ගහලා සුදු වෙලා තියෙන අය ඇති හැබැයි මේ මගේ උපන් පෙනුම, මට මේ තියෙන පෙනුම හොඳටම ඇති”