නතාෂා පෙරේරා කියන මේ දක්ෂ කළා කාරිනිය ගැන නොදන්නා කෙනෙක් ඉන්නවද. කුඩා කාලයේම කළා ක්ෂේත්රයට පැමිණි නතාෂා එදා සිට අද දක්වාම සෑම ක්ෂේත්රයකින්ම දක්ෂතා පෙන්වන කෙනෙක්.
මගේ ජිවිතේ හැරවුම් ලක්ෂය විදියට කියන්න පුලුවන් හොඳ අවස්තාවක් තමයි දඟ මල්ල නිර්මාණය. ඒ තුලින් මට ලොකු ප්රේක්ෂක ප්රතිචාර ගොඩක් ලැබුනා.මතක් වෙද්දී හරිම සතුටුයි ඒ වගේම ජිවිතේ වෙනස් වුනු තැනක් විදියටත් හඳුන්වන්න පුලුවන්. එම චරිතය තුලින් ඇයට හොඳම නිලියට හිමි රාජ්ය සම්මානයත් දිනාගන්නට හැකියාව ලැබෙනවා.

ෆැෂන් කරනවා, ගමන් බිමන් යනවා, ඒ විදිහට මගේ පාඩුවේ ඉන්න කෙනෙක්. එතනින් එහාට අනිත් අයගේ වැරදි හොයන්නේ නැහැ. මම දන්නා දෙයක් නම් තවත් කෙනෙකුට කියලා දෙනවා.මට හොඳ හදවතක් තියනවා කියලා දන්නවා. කිසිම කෙනෙකුට ඉරිසියාවක් කරන්නේ නැහැ.