අශාන් එක්ක රඟපාන්න ලැබුණාම මගේ බඩේ සමනල්ලුත් පියෑඹුවා – භූමි හරේන්ද්‍ර

භූමි හරේන්ද්‍ර කියලා කියන්නේ පහුගිය කාලයේ සමාජය තුළ අතිශයින් කතාබහට ලක් වුණු චරිතයක්. ඉතින් ඒ වගේම භූමිගේ රංගනය ඇතුළත් ගීතයක් වීඩියෝවක් මේ දිනවල අතිශය ජනප්‍රිය වෙලා තියෙනවා.

‘’අශාන් කියන්නේ මගේ ලොකු ක්‍රෂ් එකක්. ඔහු එක්ක රඟපාන්න ලැබුණාම මගේ බඩේ සමනල්ලුත් පියෑඹුවා. මම මගේ ජීවිතේ දැකපු නිහතමානීම නළුවන්ගෙන් එක්කෙනෙක් තමයි ඔහු. මම මීට කලින් ජෙහාන් අප්පුහාමි සහ දසුන් පතිරණ එක්ක වැඩ කරලා තියෙනවා. ඒ දෙන්නත් දක්ෂ නළුවන් දෙන්නෙක්. ඒ දෙන්නා විතරයි මට රඟපාන්න ලැබිලා තියෙන්නේ. ඉතින් අද වෙනකොට ජෙහාන් සහ දසුන් කියන්නේ මගේ හදවතේ කොටස් වගේ. ඒ තරම් අපි සමීපයි. ඒ වගේම අශාන්ව ජීවිතේට දැක්කෙත් පළමු වතාවට.

‘’ඉතින් ඒ නිසා මම කල්පනා කළා මම කොහොමද මේක රඟපාන්නේ කියලා. හැබැයි අශාන්ගෙන් මට ලැබුණු සහයෝගය මට වචනවලින් කියලා විස්තර කරන්න බැහැ. හරිම නිහතමානී, වැඩ කරන්න පහසු කෙනෙක් තමයි අශාන්. ඒ වගේම එක පැත්තකින් මම ආඩම්බර වෙනවා සහ සතුටු වෙනවා එකක් මගේ ක්‍රෂ් එක නිසා. අනිත් අතට ඔහු හරිම නිහතමානී සුපර් ටැලන්ටඩ් නළුවෙක් වීම. එක දවසින් අපි මේක ෂූට් කළා.