එයා තමයි මට හැමදෙයක්ම කරලා දුන්නේ – සුරේනි ද මෙල්

මීට වසර ගණනාවක සිට අද දක්වාම ජනප්‍රියත්වය කිසිම අඩුවක් නැති ඉතාමත් දක්ෂ ප්‍රවීණ ගායන ශිල්පිනියක් තමයි සුරේනි ද මේල් කියන්නේ.

ඇය පසුගිය දිනයක දී එක්තරා රූපවාහිනී වැඩසටහනකට පැමිණෙමින් අදහස් දක්වා සිටීයෙ මේ ආකාරයටයි.

” මම ඉස්සෙල්ලම ආදරෙයි නම් සිංදුව කරනකොට ජොබ් එකක් කරන ගමන් තමයි හිටියෙ.පස්සේ තමයි මට හිතුණෙ මගෙම කියලා සින්දුවක් කරන්න ඕන කියලා.ඊට පස්සේ මම තනියම ගිහිල්ලා මගේ වැඩ ටික කර ගත්තා.ඒ කාලේ ක්‍රිෂාන්ත job එකක් කරපු නිසා මට එයාට කරදර කරන්න හිතුණේ නැහැ. මම තුසිතගේ වීඩියෝ එකට ගිහිල්ලා මෙලඩි එක දීලා තමයි මට සින්දුවක් කරන්න ඕන කිව්වේ.ඊට පස්සේ video production එකට ගිහිල්ලා වීඩියෝ එකක් තනියම ප්ලෑන් කරලා කලා.හැමදේම ප්ලෑන් කරගෙන ඉන්නකොට මැද හරියෙදි තමයි ක්‍රිෂාන්ත ව හම්බ උනේ.

එතැනින් පස්සේ තමයි සිංදුව දාලා දෙන එකේ ඉදලා ආඩම්බරයි සිංදුවට එනකම් කරලා දීලා ඉරාජ් පවා contact කරලා දුන්නේ.එතනින් පස්සේ දිගටම එයාගෙ සහයෝගය ඇතිව තමයි ගියේ.”