මිනිස්සු මොන තරම් කතා හැදුවත්,චිරන්ත තමයි මගෙ ලෝකය එළිය කලේ – සමිතා මුදුන්කොටුව

අපේ රටේ සිටින ප්‍රවීන ගායිකාවක් වන සමිතා මුදුන්කොටුව ගැන නොදන්නා කෙනෙක් නැහැ.සමිතාගේ පෞද්ගලික ජිවිතේ තොරතුරු ගැන මාධ්‍යට කියලා තිබුනේ මෙහෙමයි.

ගොඩක් අය එයයි මායි ගැන දැනගත්තේ වැඩසටහනක් නිසා. මම අවුරුදු දහයක් තනියෙන් ජීවත් වෙච්ච කෙනෙක්. ඒ කාලේ කවුරුත් මගෙන් ඇහුවේ නෑ ඔයා කොහොමද ජීවත් වෙන්නේ කියලා.

කොයිතරම් දේවල් අතපසු වෙනවද කියලා කවුරුත් මගෙන් ඇහුවේ නෑ.ජීවත් වෙන්න පුළුවන් ද කියලවත් ඇහුවෙ නෑ. හැබැයි බුදුන් ගේ පිහිටෙන් මම මගේ දරුවෝ දෙන්නත් හදාගෙන අම්මයි තාත්තටයිත් සලකාගෙන මගේ ගමන ලස්සනට ආවා.

මම චිරන්ත ගැන කිව්වා විතරයි ගොඩක් දෙනෙක් මට ගොඩක් දේවල් කියන්න පටන් ගත්තා.හැබැයි ඒ කිසිම දෙයක් මම භාරගත්තේ නැහැ.ඒ නිසා අදටත් මම ජීවිතයේ හිනාවෙලා කල් ගත කරනවා.