ක්ෂේත්‍රයට එන හැම මොඩල් කෙනෙක්ම කැමති මට කියලා කරගන්න – හශාන් පන්නිල

හශාන් පන්නිල කියන්නෙ ඡායාරූපකරණයේ විවිධ අත්හදා බැලීම් සිදු කරමින්, කතාබහට ලක්වූ ඡායාරූප ශිල්පියෙක්. ඒකට හේතුව වුණේ ඔහු සරාගී නොහොත් “හොට් ෆොටෝෂූට්” සඳහාම පමණක් වැඩි ඉඩකඩක් ලබාදීම. ඔහුට පින්සිදු වන්නට ක්ෂේත්‍රයට පිවිසුණු නිරූපිකාවන් ද බොහෝම යි.

මම මුලින්ම ඡායාරූප පෙළක් නිරූපිකාවක් සමඟ කළා. ඒ ඡායාරූප පෙළ ඉතා ඉක්මණින් ජනප්‍රිය බවට පත්වුණා සහ ආන්දෝලනාත්මක විදිහට මිනිස්සු අතරට ගියා..” “මම කරන හැම ෂූට් එකක්ම හිට් වෙනවා. ඇත්තටම මම මොඩ්ල් ෂූට් එකක් කරන්නෙ හිට් වෙන්නම තමයි.

මම දන්න තරමට හොට් මොඩ්ල් ෂූට් කියන කන්සෙප්ට් එක මුලින්ම කළේ මම. මට කලින් හොට් ෂුට් කියලා එකක් තිබුණාද කියලා මට අදහසක් නෑ. නමුත් මගේ ෂූට් වලින් තමයි හොට් ෂූට් කියන එක ප්‍රසිද්ධ වුණේ. දැන් නම් හැමෝම වගේ කරනවා..” “හොඳ නරක දෙකම ෂූට්වලට ලැබෙනවා.

මම ෂූට් එකක් කළාම ගොසිප් හැදෙන එක කොමන් දෙයක්. ෂූට් එක අවසානයට ලැබෙන අවුට්පුට් එක හරියටම මට තියෙන්න ඕන. ඒක නිසා මම කරන ෂූට් හැම එකකටම මම ආසයි.”

සංජය මධුවන්ත Trendthink Magazine