සැමියා / බිරිඳ ඔබට වංචා කරනවද කියල හරියටම දැනගන්නේ මෙහෙමයි

මානසිකව නිරෝගී කෙනෙක්ට තමන්ගේ සැමියා/ බිරිඳ ගැන සැක හිතෙන්නේ කලාතුරකින්. නමුත් ඔබේ හිත ඔබට ඒ වගේ දෙයක් ගැන අනතුරු ඇඟවෙනවා නම් ඒ ගැන හොයා බැලීම වටිනවා.

1) පෙනුම ගැන හදිස්සි උනන්දුවක් ඇතිකර ගැනීම

හදිස්සියේම හේතුවක් නැතුව ඔබේ සැමියා හෝ බිරිඳ පෙනුම ගැන අධිකව උනන්දු වෙනවා නම් එය සැකකටයුතු ලක්ෂණයක්. ඔබ ඉදිරියේදී සාමන්ය විදිහට සිටින කෙනෙක් වැඩට සහ වෙනත් ගමන් සඳහා හදිස්සියේ උනන්දු වෙනවා වෙනවා නම් ඒ ගැන සොයා බැලීම වටිනවා. අලුත් යට ඇඳුම් , ගැලපෙන ආයිත්තම් වගේ දේවල් ඔබව සතුටු කිරීමට හැර වෙනත් ගමන් වලට හදිස්සියේ යොදා ගන්නවා නම් යමක් තිබිය හැකියි.

2) අනියම් සම්බන්ධකම් ගැන කතා කිරීමට ඇති අකමැත්ත

ඔබ කොයිම මොහොතක හෝ අනියම් සම්බන්ධකම් ගැන පොදුවේ කතා කරද්දී ඔහු/ ඇය දැඩි අපහසුවට ලක් වෙලා ඒ කතාව වෙනතක හරවන්න හදනවද? නැත්නම් නිහඩව ඉන්නවද? ඒ ගැනත් ටිකක් සැලකිල්ලක් දක්වන්න.

3) ඔබේ වැරදි, අඩුපාඩු වැඩියෙන් පෙනීම

ඉස්සර වැරදි ලෙස නොදුටු දේවල් දැන් ඔහුට / ඇයට වැරදි වෙලා පේනවද? පොඩි දේටත් ඔබට දෝෂාරෝපණය කරන්න පෙළඹෙනවද? ඔබගේ ශරීරයේ ස්වභාවයන් ඔහු/ ඇය හිනාවට ලක් කරනවද? එහෙනම් ඔහුට/ ඇයට සංසන්ධනය කරන්න තව කෙනෙක් ඉන්නවා වෙන්න පුළුවන්. මෙතෙක් කලක් හොඳ වුන ඔබ හදිස්සියේ වැරදි වෙන්න හේතුව මොකද්ද හොයල බලන්න.

4) අඩු හෝ වෙනස් ලිංගික අත්දැකීම් ඇතිකරගැනීම

ඔහු/ ඇය අනියම් සම්බන්ධයක් පවත්වනවා නම් බොහෝ විට ඔබ සමග ලිංගික සම්බන්ධතා පැවැත්වීමට මැලි වෙනවා. ආකර්ශනය සහ සතුට වෙන කෙනෙක්ගෙන් ලැබෙද්දී එහෙම වෙන්න පුළුවන්. ඒ වගේම ශරීරයේ ඇතිවෙන රෝග පීඩා නිසාත් කෙනෙක්ට ලිංගික ඇසුර එපා වෙන්න පුළුවන්. ඒ නිසා හොඳම දේ ඉවසීමෙන් ඒ ගැන සොයා බැලීමයි. හදිස්සියේ වැරදි වැටහීමක් ඇතිකර ගන්න එපා.

5) රහසිගත දුරකථන භාවිතාව

ඔබේ සැමියා / බිරිඳ මෙතෙක්කල් පාස් වර්ඩ් නොදමා සිටි ෆෝන් එකට පාස් වර්ඩ් දානවද? මෙතෙක් කලක් තැන තැන අතහැරලා තිබුන ෆෝන් එක හදිස්සියේ පරිස්සම් කරන්න පටන් අරගෙනද? එහෙනම් සඟවන්න දෙයක් ඇති කියලා ඔබට හිතෙන්නේ නැද්ද?