“ගහයිද දන්නෙ නෑ” කියලා මම පාරේ යද්දී පිරිමි ලමයි කියනවා – ඩිලුෂි හංසිකා

පුංචි තිරයට අලුතින් එකතු වුණු මුහුණුවරක් ගැන තමයි අපි අද ඔබට කියන්න යන්නේ. ඇය ඩිලුෂි හංසිකා. ධරණි ටෙලි නාට්‍යයේ විනුලි කියලා කිවුවහම නම් බොහෝ දෙනෙක් අද වෙද්දි ඇයව අදුනනවා. මේ වෙද්දි ධරණි ටෙලි නාට්‍යය තුළ ඇය නිරූපණය කරන චරිතයට විශාල ප්‍රේක්ෂක ආදරයක් ලැබෙනවා.

මේ රංගන ශිල්පිනිය මූලින් සටන් ජවනිකා පුරුදු වෙද්දී සමහර වෙලාවට දරුණු අතපය තුවාල වලට මුහුණ දීලා තියෙනවා.

නමුත් මේ වෙද්දි නම් ඒ දේවල් ඇයට හුරුයි. පාරේ යද්දී මේ ටෙලි නාට්‍යයේ ඇගේ චරිතයට කොයිතරම් හොඳ ප්‍රතිචාර ලැබෙනවා ද කියලා අහපුවාම ඇය පිළිතුරු දුන්නේ මේ විදිහට. ලැබෙන ප්‍රතිචාර නම් ඉහළයි. පාරේ යනකොට පිරිමි අය නම් එක එක කතා කියනවා. ලඟින් යනකොට ගහයිද දන්නෙත් නෑ කියලා හෙමීට කියනවා. සමහරු කියනවා ධරණී එකේ ගහගන්න කෙල්ල නේද කියලා. සමහර අය කතා කරන්නත් බයයි යකෙක් දිහා බලනවා වගේ බලන්නේ. නමුත් කතා කරලා හිතවත් උනහම බොහොම ලෙන්ගතු වෙනවා.

මේ විදිහට අදහස් දක්වන ඇය සඳහන් කරන්නේ සමහර පිරිමි ළමයි ඇය ගොඩාක් නපුරු කෙනෙක් කියලා හිතනවා කියලයි.