ආදරය කරන්න මම නම් බාහිර පෙනුම බලනවා – කාවින්ද්‍යා දුල්ෂාණි

කාවින්ද්‍යා දුල්ෂාණි කියන්නේ මේ වන විට ජනප්‍රියත්වයේ ඉහලින්ම ඉන්න සුරූපී රංගන ශිල්පිනියක්. මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන කොලම්කුට්ටම ටෙලි නාට්‍යය තුලින් අපේ ආලින්දයට එනවා.

ඇය නංගිලා දෙන්නෙක් ඉන්න අක්කා කෙනෙක්. අම්මා, තාත්තාට පවුලට ආදරෙන් ඉන්න ආදරේ වෙනුවෙන් ඕනෑම දෙයක් කරන්න සූදානම් කෙනෙක් තමයි ප්‍රසීනා. ඉතින් මේ දිනවල මේ චරිතයට හොඳ නරක දෙකෙන්ම ලොකු ප්‍රතිචාරයක් ලැබෙනවා. .

ඒ වගේම ඇය රංගනයට පිවිසුණු ආකාරයත් මේ විදිහට පවසා තිබුණා. “රංගනයට එන්නෙ 2015 වසරේ ස්වාධීන රූපවාහිනියෙ පැවති අවුරුදු කුමරිය තරගාවලිය හරහා. ඒ තරගාවලියෙ අවසන් තරගකරුවන් 12 දෙනා අතරින් ටෙලි නිර්මාණ රංගනයකට තෝරගත්තා. ඒ ‘‘මේඝා’’ කියන ශාන්ත සොයිසා මහත්මයා අධ්‍යක්‍ෂණය කරපු ටෙලි නිර්මාණයෙ. ඒ වෙනුවෙන් මට අවස්ථාව ලැබුණා පුංචි තිරයට සම්බන්ධ වෙන්න.

ආදරය විවාහය ගැන ඇය පවසා තිබුනේ මෙලෙසයි. “ඒ දේ තවම සැලසුම් කරලා නැහැ. මොකද මගේ ජීවිතේට තවම සුදුසු කෙනෙක් ඇවිල්ලා නැහැ. ඒ ආපු දවසට මෙයා තමයි හරි කෙනා කියලා දැනුනු දවසට ඒ දේ සැලසුම් වෙයි.මට ආදරේ කරන, හොඳින් මාව තේරුම් අරගෙන, ආදරෙන් බලාගන්න පුළුවන් අවංක කෙනෙක්. ඒ දේ බලන්නෙ නැහැ කිව්වොත් බොරුවක් වෙනවනෙ. බාහිර පෙනුමත් බලපානවා. නමුත් ඒ දේට විශේෂ අවධානයක් දෙන්නෙ නම් නැහැ. හැමදේටම වඩා අවංකකමයි ආදරෙයි තියෙන්න ඕනෑ.”