වයස අවුරුදු නවයෙදි තමයි මුලින්ම හොල්මනකට රගපෑවේ. ලංකාවේ වැඩිපුරම හොල්මන් වලට රගපෑවේ මම. – පබෝධා සන්දීපනී

සිනමාව, ටෙලි තිරය ගත්තම නැතුවම බැරි කෙනෙක් තමයි පබෝධා සන්දීපනී කියන්නෙ.සිනමා නිර්මාණ ගණනාවකම රංගනය කල පබෝධා කුඩා කාලයේ ම තමයි කලා ක්ශේෂ්ත්‍රයට ආවේ. ඇගේ මව වන අපි කවුරුත් දන්න දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ගීතා කාන්ති ජයකොඩි ආදරණීය රංගන ශිල්පිනියයි. ජයකොඩි පරම්පරාවෙන් පැවත එන පබෝධාගේ පවුලේ කීප දෙනෙක්ම කලා ක්ශේෂ්ත්‍රය හා සම්බන්ධයි.

ඇය රංගනය කල ‘රුහිරේ’ චිත්‍රපටයේ වෙනස්ම විදියේ චරිත රංගනයක් ගැන මාධ්‍ය සාකච්ඡාවකදී දැක්වූ අදහස් කිහිපයක් පහතින්.

” මම හොද පළපුරුදු හොල්මනක්. මම හිතන්නේ මම වෙන්න ඇති වැඩි පුරම හොල්මන් වලට රංගනය කල නිළිය වෙන්නේ. වයස අවුරුදු නවයෙදි තමයි ඉස්සරලාම හොල්මනකට රගපෑවේ.

අපි රගපෑවේ රිවස්ටන් වල. කූඩැල්ලො එක්ක ලොකු අභියෝගයක් කරලා තමයි රගපෑවේ.’’ ඉතා අඩු වයසකින් පෙම්වතියගේ චරිතයට රංගනය කල පබෝධාගේ ගින්දරී 3 චිත්‍රපටයත් ඉදිරියේදී තිරගත වෙන්න සූදානම්. මේ හරහාත් අපිට පබෝධාව දැක ගන්න පුලුවන්. ඉතින් ඇගේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා අපි හදවතින්ම සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.