අපේ නංගි දැක්ක ගමන් මම කිව්වා අපෝ එළදෙනෙක්නේ හම්බ වෙලා තියෙන්නෙ කියලා – වත්සලා දියලගොඩ

පුංචි තිරයේ හැඩකාරියක් වගේම තම රූප සුන්දරත්වය එන්න එන්නම වැඩි දියුණු වෙන කෙනෙක් තමයි වත්සලා දියලගොඩ කියන්නේ. මීට වසර ගණනාවකට එහා ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ජනප්‍රියම ටෙලිනාට්‍යයක් වන මුතු කිරිල්ලී ටෙලිනාට්‍යයේ නිරාශා විදියට වත්සලා අපි අතරට ආවා

ඇයගේ නැගණිය තමයි බුවිනි චාපා දියලගොඩ කියන්නේ. වත්සලා සහ බුවිනි දෙදෙනාම මේ වන විට විවාහකයි. ඉතින් බුවිනි ඉපදුන දවසේ වත්සලා දැක් වූ ප්‍රතිචාරය ගැන ඇය මේ විදියටයි රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

“මම ඉපදිලා අවුරුදු හයකට පස්සෙ තමයි නංගි ඉපදුනේ. එතකම් අම්මගේ පැත්තෙවත් තාත්තගේ පැත්තෙවත් කාටවත් බබාලා හිටියෙ නෑ. රැජින මමයි අපේ රාජ්‍යයේ කියලා හිටියා. ඊට පස්සේ අවුරුදු හයකට පස්සෙ තමයි නංගි ආවේ. එයා මම වගේ හැඩරුව කටහඩ වුනාට මම වගේ නෙමෙයි චන්ඩියි. මම කැමැත්තෙන් හිටියෙ මල්ලි කෙනෙක්ට. නමුත් එයාව දැක්කම මම ඉස්පිරිතාලේදි හැමෝටම ඇහෙන්න කිව්වා අපෝ එළදෙනෙක්නේ හම්බවෙලා තියෙන්නෙ කියලා.”