මගේ තිබුණ හැමදෙයක්ම විකුණන්න වුනා..ජීවිතේ කඩාගෙන වැටුනා- දමිත් අසංක

කලක් අපේ රටේ නිරන්තරයෙන්ම ඇසුන හඩක් වගේම ප්‍රසංග වේදිකාවට ද නැතිවම බැරි චරිතයක් තමයි දමිත් අසංක කියන්නේ.ගායකයෙක් වගේම පෞද්ගලික ජීවිතයේ දී ඒ සැමියෙක් ආදරණීය පියෙක් වශයෙන් කටයුතු කරන ඔහු තමන්ගේ ජීවිතය තුළ  ලබා ගත හැකි ඉහළම සාර්ථකත්වයක් ලබා ගෙන ඉන්පසු ඔහුගේ ජීවිතයට නොසිතූ විරූ අන්දමින් කඩා වැටීමක් සිදු වෙනවා.

දිනකදී දී එක්තරා  යූටියුබ් වැඩසටහනකට එක්වෙමින් අදහස් දක්වා සිටියේ මේ ආකාරයටයි.

” ඒ කාලයේ දවසකට මම ලඒ දවසකට මම ලක්ෂ හයක් හතක් පවා හම්බ කරපු කාලයක් තිබුනා.ඒ මුදල් එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු වලට යොදා ගෙන තිබුණා ඒ වගේම තමයි ඒ විවිධ අත්හදා බැලීම් කළ නිසා ඒ මුදල් ඒවට වියදම් වුණා.මම සංගීත කණ්ඩායම් පවා හදාගෙන ඉදිරියට ගමනක් යන්න උත්සාහ කළා.සමහර දේවල් නම් හරියට සිදු කර ගන්න හම්බවුනේ නැහැ.ඒ කොහොම වුණත් ඒවා ජීවිතේට හොඳ අත්දැකීමක් කරගත්තා.ඒව ගැන මම පසුතැවෙන්නේ නැහැ.

අද ඉන්න තැන ගැන මම ගොඩක් සතුටු වෙනවා.මට දවසින් දවස ප්‍රේක්ෂක ප්‍රතිචාර සහ ආදරය ලැබෙනකොට මට හිතෙනවා ලංකාව වෙනුවෙන් මමත් යමක් කරලා තියෙනවා කියලා.මුල් කාලයේ මම concert කරලා තියෙනවා ඒ දේවල් සාර්ථක වුණත්  මගේ පෞද්ගලික ජීවිතය පසුබෑමකට ලක් වුණා.එහෙම වුණේ හිතපු තරම් සෙනග ආපු නැති නිසා.ඒ කාලයේ මම ආර්ථිකමය වශයෙන්  විශාල පසුබෑමකට ලක් වුණා මගේ තිබුණු ඉඩකඩම් යාන වාහන පවා විකුණන්න  මට සිදුවුණා. ඒ වැටීමෙන් නැගිටලා එන ගමන තමයි මේ ගතවෙන අවුරුදු කිහිපය.

දැන් මම අම්මා තාත්තාගෙන් උරුම වුණ වුන පොඩි ඉඩම් කෑල්ලක පොඩි ගෙදර හදාගෙන යන ගමන් තමයි ඉන්නේ.ගොඩක් දුරට දැන් වැඩ කටයුතු ඉවරයි ඒ උනාට තව ටිකක් තියෙනවා.බොහොම පොඩි ගෙදරක් නමුත් අපිට ඉන්න හිටින්න පහසුකම් තියෙනවා.වැටුනා තමයි ඒ උනාට හෙමීට නැගිටින ගමන් තමයි දැන් සිටින්නෙ.