දෙවන ලෝක සංග්‍රාමයේ තිබූ සැහැල්ලු මෝටර් සයිකල

සටහන – ලලිත් කරුණාරත්න

“Small is beautiful” යයි කතාවක් තිබේ. ඇත්තටම එය :ජීවිතය සරල වන තරමට හොඳය” යන්න කීමට කියූ දෙයක් වේ. නමුත් මේ කතාව දෙවන මහා ලෝක සංග්‍රාමයේ මෝටර් සයිකල සඳහා වඩාත් ගැලපී ගියේය.

බ්‍රිතාන්‍යයේදී 1944 වසරේ සාදන ලද, රාත්තල් 130 ක් බර මේ සයිකලයේ නම Flying Flea වේ. මෙය ඔසවා ගෙන සිටින සොල්දාදුවා බොහෝ ශක්තිමත් කෙනෙක් විය යුතුය. එහෙත් සාපේක්ෂව මේ ආකාරයේ මෝටර් සයිකල බරෙන් අඩු වේ. බර අඩු නිසා සමහරවිට පැරෂුට් වලින් මෙය බිමට හෙලීමට හැකි විය.

බ්‍රිතාන්‍ය යුධ කාර්යාලයේ අනු දැන්මෙන්, රෝයල් එන්ෆීල්ඩ් සමාගමෙන් මෙය නිර්මාණය කරන ලදී. පසු කලෙක රෝයල් එන්ෆීල්ඩ් සමාගම වසා දැමූ අතර ඒ සමාගමේ යන්ත්‍රෝපකරණ ඉන්දියාවට ගෙනයන ලදී. අදත් ඉන්දියාවේ ඒ වර්ගයේ සයිකල නිර්මාණය කෙරේ. මේ ආකාරයේ සයිකල් ලෑන්ඩ් රෝවර් සමාගමෙන්ද නිර්මාණය විය.

සංග්‍රාමයේ දේ අද මෙන් සංනිවේදන කාර්යයන් කාර්යක්ෂම නොවූ බව ඔබ දනී. එසේ හෙයින් සංග්‍රාම භුමියේ කුඩා පණිවිඩ හුවමාරුවට පැරෂුට් සහ ග්ලයිඩර් [මේවා එන්ජින් නැති කුඩා ගුවන් යානා වේ.] වලට අමතරව මේ ආකාරයේ සයිකල්, පණිවිඩ හුවමාරුවට භාවිතා කෙරිණ.

ද්විත්ව පහර එන්ජිමක් ඇති බයිසිකල් නිසා සාපේක්ෂව නඩත්තුව අවම විය. කෙසේ හෝ යුද්ධයේ දී ඇති නඩත්තුවක් නැත. ඒ තරම් මෙය මිළෙන් අඩු වන්නට ඇත. එහෙත් මෙහි ලාම්පු සහ ෂෝක් ඇබ්සෝර්බර් තිබෙන බවක් පෙනේ. එනම් මෝටර් සයිකලයක ඇති අවම අංගෝපාංග ඇති බව පැහැදිළිය.

සමහර වාර්ථා වල කියවෙන ආකාරයෙන් මේ සයිකලයේ ගියර් දැමීම අතෙන් පාලනය කරන ලදී. එහෙත් යුද්ධයෙන් පසුව එය වෙනස් කර පාදය භාවිතා කර ගියර් දැමීමට නිර්මාණය විය. මේ යුගයේ විශේෂයෙන් ද්විත්ව පහර මෝටර් සයිකල් සඳහා විශේෂයෙන් යෙදිය යුතු ලිහිස්සුම් තෙල් [උදාහරණ :- වේගයෙන් පෙට්‍රල් සමඟ කලවම් වන 2T ලිහිස්සුම් තෙල්] නොතිබිණි. පෙට්‍රල් ටැංකියේ ඇති ඇබය හෙවත් මූඩිය අනෙක් පස හැරවූ විට කෝප්පයක් මෙන් විය.

පෙට්‍රල් පුරවා ඒ කෝප්පයෙන් එකක් සාමාන්‍ය ලිහිස්සුම් තෙල් දැමීම සිරිත විය. මෙහි ඇති එක ගැටලුවක් වූයේ, 2T මෙන් නොව ඒ ලිහිස්සුම් තෙල් සහ පෙට්‍රල් කලවම් වීමට යම් වෙලාවක් ගත වීමය. යුද්ධයට යන්නට පෙර සයිකල තදින් සෙලවීම අවශ්‍ය විය. විශේෂයෙන්ම සීත කාලයේ මෙය ගැටලුවක් වී යයි කියනු ලැබේ.