අඟහරු හා පෘථිවිය අතර සැරිසරන ජීවීන් – නාසා ආයතනයට පවා විසඳාගත නොහැකි වුණු අභිරහස්

අඟහරු කියන්නෙ පෘථිවියට සමීපතම සෞරග්‍රහ මණ්ඩලයේ සාමාජිකයා. පෘථිවියේ ළඟම නෑදෑයා විදිහට අඟහරු හැඳින්වුවත් වරදක් නැහැ. මේ නිසාම ඈත අතීතයේ පටන් පෘථිවි වාසීන් විශ්වාස කරේ අඟහරු ලෝකය කියන්නෙත් පෘථිවිය වගේම ජීවය තියෙන  ග්‍රහලෝකයක් කියලා. සියවස් ගණනාවක ඉඳන් මිනිස්සු අඟහරු ලෝකය එක්ක විවිධ සම්බන්ධකම් හදා ගන්න උත්සාහ කළා. නමුත් අවසානයේදී සාර්ථක වුණේ ඇමරිකා එක්සත් ජනපදය ඒ නාසා ආයතනය හරහා විවිධ රෝවර් යන්ත්‍ර අඟහරු ගවේෂණය සඳහා යොමු කිරීම මගින්. ඉන් ලබාගත් ඡායාරූප තව තවත් ආන්දෝලනයට ලක් වුණා. ඒ ගැන වගේ ම අඟහරු ලෝකය හා බැඳුණු තවත් අද්භූත තොරතුරු රාශියක් පිළිබඳව විශ්ව කර්ම අපි මේ වීඩියෝව හරහා ඔබට සමීප කරන්න හිතුවා. ඊට කලින් පොඩි මතක් කිරීමක් කරන්න කැමතියි ඒ ඔබ මෙතෙක් අපේ විශ්වකර්ම යූ ටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තන් සබ්ස්ක්‍රයිබ්  කරන්නත් අපේ වීඩියෝස් නිකුත්වූ සැනින් දැනගන්න පුංචි බෙල් සලකුණ ක්ලික් කරන්න කියන මතක් කිරීම.

අපි ඔබට මුලින් ම රුසියානු ජාතික තරුණයෙක් ව හඳුන්වලා දෙන්නම්. ඔහුගේ නම බොරිස් කිර්ප්‍රියෝනොවිච්. 1996 වර්ශයේදී උපත ලබපු ඔහුව රුසියානුවන් අතර වැඩි වශයෙන් ජනප්‍රිය වුණේ බොරිස්කා කියන නමින්. රුසියානු භාෂාවෙන් පුංචි බොරිස් තමයි බොරිස්කා කියන වචනයේ තේරුම. වෘත්තියෙන් වෛද්‍යවරියක වූ බොරිස්ගේ අම්මා  කුඩා කාලයේ ඉඳන්ම බොරිස්ගේ විශේෂත්වයක්  දැක්කා. ඒ තමයි ඔහු සති දෙකක් ගතවන්නටත් පෙර ඔහු කිසිවකුගේ කිසිවෙකුගේ ආධාරයක් නැතුව නැගී සිටීමට හැකි වීම. ඒ වගේම මාස කීපයක් කීපයක් ගත වන්නටත් පෙර වැඩුණු මිනිසෙක් වගේ බොරිස් කතා කරන්න පටන් ගත්තා. අවුරුදු එකහමාරක් පමණ වන විට  බොරිස්ට කියවන්න ලියන්න හැකියාව දැක්වූවා. හැබැයි බොරිස් අම්මට විශේෂ කතාවක් කිව්වා. ඒ තමයි තමන් අඟහරු ලෝකයේ සිට පෘථිවියට පැමිණි යාත්‍රිකයෙක් කියලා. බොරිසගේ අසාමාන්‍ය කියවීමේ හැකියාව නිසා ඔහු හිතින් මවා ගත්ත හිතළුවක් කියලා තමයි අම්මා මුලින්ම හිතුවේ. හැබැයි පස්සේ බොරිස්ගේ අම්මා ඔහුගේ පොත්පත් පරික්ෂා කරද්දී තේරුම්ගත්ත දේ තමයි ඒ පොත්පත් අතර අභ්‍යවකාශය සම්බන්ධව හෝ අඟහරු ලෝකය සම්බන්ධයෙන් කිසිම පොතක් තිබ්බේ නැහැ කියන එක. මොකක් හරි බොරිස් කියන කතාවේ වෙනසක් තියෙනවා කියලා තේරුම් ගත බුද්ධිමත් තැනැත්තියක් වුණු ඇය බොරිස් එක්ක අඟහරු ලෝකය ගැන කතා කරන්න පටන් ගත්තා. බොරිස් නොකඩවා අඟහරු ලෝකයේ පැවති දියුණු ශිෂ්ඨාචාර ගැන වගේම සෞරග්‍රහ මණ්ඩලය පිළිබඳව විවිධ අදහාගත නොහැකි තොරතුරු අම්මාට පැවසුවා. බොරිස්ගේ අම්මා විසින් බොරිස්ව අභ්‍යවකාශ විද්‍යාව සම්බන්ධයෙන් ගවේෂණය කරන විද්වතුන්ගේ අවධානයට යොමු කිරීමත් එක්ක බොරිස් පිළිබඳ කතා පුවත මුළු රුසියාව පුරා ම පැතිර ගිය. අද වෙන කොට බොරිස් කඩවසම් තරුණයෙක් නමුත් ඔහු අද කියන්නෙත් එදා කියපු දේ ම තමයි ඔහුට අනුව අඟහරු ලෝකයේ පැවතුනු ශිෂ්ටාචාර න්‍යෂ්ටික යුද්ධයක් නිසා සම්පූර්ණයෙන්ම විනාශව ගොස් තිබෙනවා. ඔහුට අනුව ගෝලාකාර සහ ත්‍රිකෝණාකාර හැඩැති අභ්‍යවකාශ යානා වලින් විශ්වය පුරාම අඟහරු වාසීන් සැරිසරා  තිබෙනවා. සාමාන්‍යයෙන් අඟහරු ලෝකේ ලෝකයේ වාසය කරන්නේ කුරුමිට්ටන් කියලා කියලා අදහසක් තිබ්බට බොරිස් එම අදහස ප්‍රතික්ෂේප කරනවා. ඔහු කියන ආකාරයට අඟහරු ලෝකයේ වැසියන් පෘථිවි වාසීන්ට වඩා අතිශයෙන් උසින් යුක්තයි. ඒ වගේ ම වයස අවුරුදු 35න් පසු පෘථිවිවාසීන් වගේ ඔවුන් වයස්ගත වීමක් සිද්ධ වෙන්නෙ නැහැ. පෘථිවි වාසීන් තම ශ්වසනය සඳහා ඔක්සිජන් භාවිතා කරනවා වගේම බොරිස් කියන විදිහට අඟහරු ලෝකයේ වැසියන් භාවිතා කරලා තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ්. අඟහරු ලෝකයේ සිදුවීමට නියමිත විනාශ වටහා ගෙන බොහෝ පිරිසක් වෙනත් ග්‍රහලෝකවල ග්‍රහ ලෝකවල උපත ලැබීමට තීරණය කරලා තියෙනවා. පෘථිවියට ආපු කිහිප දෙනා අතරින් බොරිස් එක්ක අයෙක් විතරයි. තවමත් අඟහරු ලෝකයේ අභ්‍යන්තරයේ දියුණු ශිෂ්ඨාචාර න්‍යාෂ්ටික යුද්ධයෙන් පසු වත් ආරක්ෂිතව පවතිනවා කියලා ඔහු කියනවා. ඔහුට අනුව පෘථිවිය තුළත් මිනිසාට ගෝචර නො වුණු බොහෝ රහස් පවතිනවා. දැනට ඔහුට මතක ආකාරයට ලෝකයේ ජීව පද්ධති වෙනස් කරන ආකාරයේ යම් යාන්ත්‍රණයක් ඊජිප්තුවේ ස්පීනික්ස් ප්‍රතිමාව තුළ සැඟ වී පවතිනවා. නමුත් ඒ පිළිබඳ සියලු තොරතුරු තමන්ට මතක නොතිබීම ගැන ඔහු කනගාටුවට පත් වෙනවා. බොරිස් පිළිබඳව අධ්‍යයනය කරපු ඇතැම් අය නම් කියන්නේ යාන්ත්‍රණය පිළිබඳව බොරිස් මතක තිබ්බත් යම් පිරිසක් එය මිනිස් වර්ගයාගේ අයහපත වෙනුවෙන් භාවිතා කරයි කියන සැකය මත බොරිස් එය හෙළි කරන්නේ නැහැයි කියලා.

බොරිස් ගේ මේ කතාව ඇහුවම ඔබ සමහරවිට හිතන්න පුළුවන් මේක මේ සාමාන්‍ය පුනරුප්පත්ති කතාවක්නේ. මේක ඔප්පු කරන්න කිසිම සාධකයක් නැහැ කියලා. හැබැයි නාසා ආයතනයේ උපදේශකයෙක් විදියට විදිහට කටයුතු කරපු ආචාර්ය ජෝන් බ්‍රැන්ඩන්බර්ග් ගැන අපි කියන්න යන දේටත් ඔබ අවධානය යොමු කරන්න කියලා කාරුණිකව ඉල්ලන්නේ ඉල්ලන්න කැමතියි.

ආචාර්ය ජෝන් බ්‍රැන්ඩන්බර්ග් කියන්නේ ඇමරිකාවේ අභ්‍යවකාශ විද්‍යාව පිළිබඳව  පර්යේෂණ කරන පුද්ගලයන් අතර ඉතාමත් ගෞරවාදරයට ලක් වෙන පුද්ගලයෙක්. ඔහු ගේ විෂය ක්ෂේත්රය ප්ලාස්මා භෞතික විද්‍යාවට සම්බන්ධ වනවා. මේ නිසා ලෝකයේ විවිධ ආයතන වලින් ඔහුගේ සේවය ලබා ගැනීමට තරඟයක යෙදෙනවා.

John Brandenburg

2001 වර්ෂයේ දී අඟහරු ගවේෂණයේ යෙදුණු  ඔඩසි ඕර්බිටරයේ සවිකර තිබූ ගැමා කිරණ ස්පෙක්ටෝමීටරයේ දත්ත විශ්ලේෂණය කිරීම සඳහා ඔහුට අවස්ථාවක් ලැබුණා. එහි දී ඔහු යම් තාක් දුරකට විස්මය ජනක දෙයක් නිරීක්ෂණය කලා. ඒ තමයි අඟහරු ලෝකයේ යම් ස්ථාන දෙකක පමණක් විකිරණශීලී යුරේනියම් තෝරියම් සහ පොටෑසියම් අසාමාන්‍ය ලෙස වැඩි ප්‍රමාණයකින් අඩංගු වෙනවා කියලා. පළමුවෙන්ම ඔහු හිතුවේ මේක ස්වභාවික සංසිද්ධියක් කියලා. නමුත් ඊට පස්සේ ඔහුව තවත් විශ්මයට පත් කළේ එහි අඩංගු සෙනෝන් මූලද්‍රව්‍යය සමස්ථානික අතර පවතින වෙනස නිරීක්ෂණය කිරීමත් එක්ක. මෙවැනි සමස්ථානික වෙනසක් ඇති වීමට න්‍යෂ්ටික පිපුරුමක් හැර වෙනත් හේතුවක් තිබිය නොහැකි බව වටහා ගත්තා. පසුව ඔහු තමන්ගේ නිරීක්ෂණ සහ නිගමන ප්‍රසිද්ධියේම ප්‍රකාශයට පත් කළා. එහි දී ඔහු තර්ක කළේ න්‍යෂ්ටික පිපිරීමක් අඟහරු මත ඇති කිරීමට තරම් විද්‍යාත්මක දියුණුවකින්  හෙබි ශිෂ්ටාචාර අඟහරු ලෝකය තුළ පැවති බවත් ඔවුන්ගේ විද්‍යාත්මක දියුණුව නිසාම න න්‍යෂ්ටික ප්‍රහාර මගින් තමන්ගේ විනාශය ළඟා කර ගත් බවත්. ඇතැම් අය අය  ආචාර්ය බ්‍රැන්ඩන්බර්ග්ගේ මතයට එකඟ වෙද්දි විශිෂ්ඨ විද්‍යාඥයෙක්ට පිස්සු හැදිලා කියපු අයත් හිටියා. අපි දැන් සදහන් කරපු බොරිස්ගේ කතාව වගේම ආචාර්ය ජෝන් බ්‍රැන්ඩන්බර්ග්ගෙ කතාවක් කැමති නම් කෙනෙක්ට අභියෝගයට ලක් කරන්න පුළුවන්. නමුත් අපි ඊළඟට ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රශ්න වලට නම් කාටවත් අභියෝග කරන්න බැහැ. අපි දැන් බලමු මොනාද ඒ ප්‍රශ්න කියන එක. පලවෙනි ප්‍රශ්න තමයි අඟහරු ලෝකය තුළ තවමත් ජලය ද්‍රවයක් විදිහට පවතිනවද කියන එක.

අගහරු ලෝකය තුළ පවතින පවතින වටාපිටාව අනුව යම් විදිහකින් එහි ජලය පවතිනවා නම් ඒවා වාෂ්ප ස්වභාවයෙන් හෝ පොළොව යට පැවතිය යුතුයි. නමුත් දශක ගණනාවක් පුරා අඟහරු ලෝකය ගවේෂණය කර යානා මඟින් ලබාගත් ඡායාරූපවලින් පැහැදිලිව පෙනෙන දේ තමයි අඟහරු ලෝකය තුළ යම් කාලයක සුවිශාල ගංගා සහ නිම්න පසහ නිම්න පැවති බවයි. එතකොට මේ වතුර වලට මොකද වුනේ? මේ ප්‍රශ්නය විද්‍යාඥයන් තුළ හැමදාමත් තිබ්බ ප්‍රශ්නයක්. ඔවුන් හිතන්නේ අඟහරු ලෝකය යම් කිසි විපර්යාසයකට භාජනය වීමත් එක්ක ඒ මතුපිටින් ජලය නැති වෙලා ගියත් පොළව අභ්‍යන්තරයේ අයිස් විදිහට හෝ ගැඹුරු ජලාශ විදිහට වතුර පවතිනවා කියලා. ඒ වගේම විද්‍යාඥයන් තව දුරටත් සැක කරන්නේ අඟහරු ලෝකයේ ධ්‍රැව ආසන්නයේ වතුර අයිස් ආකාරයට තවමත් දැක ගන්න පුලුවන් කියල. 2015 දී අඟහරු ගවේෂණය සඳහා එක් වුණු එක්වුණු නාසා ආයතනයේ රිකොන්සයන්ස් ඕබිටරය මගින් ලබා දුන් සාධක වලට අනුව අඟහරු ලෝකය තුළ ජලය ගලා ගිය බවට විද්‍යාඥයන් දැන් ඒ කිසිදු විවාදයකින් තොරව එකඟ වෙනවා. ඒ වගේම යුරෝපා සංගමය විසින් දියත් කරන ලද මාර්ස් එක්ප්‍රස් ඕබිටරය මඟින් ලබාගත් දත්ත අනුව අඟහරු ලෝකයේ දක්ෂිණ ධ්‍රැවය ආසන්නයෙන් සැතපුම් දොළහක් පමණ දිග විලක සාධක හමු වී තිබෙනවා. හැබැයි අඟහරු ලෝකයේ ජීවය පවතින්න පුළුවන්ද කියන ප්‍රශ්නය ගැන තවමත් විද්‍යාඥයෝ මුනිවත රකිනවා.

අඟහරු සම්බන්ධයෙන් විද්‍යාඥයන්ට නිසි පිළිතුරක් ලබා දීමට නොහැකි වුණු දෙවැනි ප්‍රශ්නය තමයි අඟහරු ලෝකයේ අර්ධගෝල දෙක අතර පවතින අසාමාන්‍ය වෙනස. 1970 දී දියත් වුණු නාසා ආයතනයේ වයිකිං ව්‍යාපෘතිය මගින් අඟහරු ලෝකයේ භූ විෂමතාවය පිළිබඳව පරිපූර්ණ අවබෝධයක් විද්‍යාඥයන්  ලබා ගත්තා.අඟහරු ලෝකයේ උත්තර අර්ධ ගෝලය පැතලි ස්වභාවයක් සහ අභ්‍යන්තරයට නෙරා ගිය ස්වභාවයක් පෙන්නුම් කරනවා. නමුත් දක්ෂිණ අර්ධ ගෝලය ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් එය උස් කඳු පන්ති වලින් සහ දැවැන්ත සානු වලින්  යුක්තයි. එහි ඇති ඇතැම් කඳු පෘථිවියේ එවරස්ට් කන්දටත් වඩා උසින් යුක්තයි. උත්තර අර්ධ ගෝලයේ මේ වෙනසට හේතුව විදිහට ඇතැම් අය සැක පහළ කරන්නේ යම් කාලයක සුවිශාල සාගරයක් ඒ ප්‍රදේශය තුළ පැතිර තිබුණා කියලා. තවත් අය කියන්නේ මේ භූ විෂමතාවයට හේතුව වෙලා තියෙන්නෙ දැවැන්ත උල්කාපාතයක් අඟහරු ලෝකය සමඟ ගැටීමෙන් ප්‍රතිඵලයක් විදිහට කියලා.

විද්‍යාඥයන්ට තවමත් පිළිතුරු පිළිතුරක් දීමට නොහැකි තවත් ප්‍රශ්නයක් අඟහරු සම්බන්ධයෙන් තියෙනවා ඒ තමයි, පොළොව මත පිහිටි දුරේක්ෂ සහ අඟහරු ලෝකය ගවේෂණය කිරීම සඳහා යැවූ යානා මගින් අඟහරු මත මීතෙන් වායු ව පවතින බව සොයා ගැනීම. මීතේන් වායුව ඇතිවෙන්න ඇති වෙනවෙන්න හේතු දෙකක් බලපාන්න පුළුවන් කියලා ඔවුන් සැක කරනවා එකක් ජීව විද්‍යාත්මක සංසිද්ධියක් එසේ නැතිනම් අඟහරු ලෝකයේ සිදුවන භූ විද්‍යාත්මක ක්‍රියාවලියක ප්‍රතිඵලයක්. නමුත් තවමත් විද්‍යාඥයන්ට මේ මීතේන් අඟහරු මත පැතිරෙන්නේ කොහොමද කියන එක ගැන නිසි අදහසක් නැහැ.

2019 වර්ෂයේ දී කිව්රියෝසිටි රෝවරය මගින් මුළු ලෝකයේ මං කැළඹෙන ආකාරයේ  සොයා ගැනීමක් කළා. ඒ තමයි අඟහරු ග්‍රහලෝකය තුළ සාමාන්‍යයෙන් ඔවුන් බලාපොරොත්තු වන ප්‍රමාණයට වඩා වැඩිප්‍රතිශතයක ඔක්සිජන් පවතින බවට නිරීක්ෂණය කිරීමත් එක්ක. එහිදී ද විද්‍යාඥයන් දිගින් දිගටම විවාද වල පැටලුනා ඔක්සිජන් පැවතීමට නම් ප්‍රභාසංස්ලේෂණය සිදු වන පරිසරයක් අඟහරු ලෝකය තුළ පැවතිය යුතු බවට ඔවුන් තර්ක කළා. කෙසේ වෙතත් මේ මේ විවාද තවමත් අවසන් එකඟතාවයකින් තොරව පවතිනවා.

කොහොම වුණත් විද්‍යාඥයන්ට මෙතෙක් උත්තරයක් දෙන්න නොහැකි වුණු අති දැවැන්තම ප්‍රශ්නයක් තමයි. අඟහරු මත ජීවයක් පවතිනවා ද කියන ප්‍රශ්නය. මේ සදහා සඳහා ඔවුන් පිළිතුරක් සොයන්න නව රෝවර් යන්ත්‍රයක් අඟහරු වෙත යැවීමට බලාපොරොත්තු වෙනවා. ඔවුන්ගේ බලාපොරොත්තුව වන්නේ අඟහරු මතුපිට පමණක් නොව අඟහරු අභ්‍යන්තරයේ ද යම් තරමක් දුරට එම රෝවර් යන්ත්‍ර යොදා පරීක්ෂණයක යෙදීම. ඒ වගේම 2030 වර්ෂය වන විට අඟහරු ලෝකයට පළමු මිනිසා යැවීමට නාසා ආයතනය සැලසුම් කරමින් ඉන්නවා. ඉන් පසුව අනාගතයේදී අඟහරු ලෝකය තුළ ජනපදය ඇති කිරීම ඒ ඔවුන්ගේ බලාපොරොත්තුව.

අවසාන වශයෙන් අඟහරු ගවේෂණ යානා මගින් හසු කර ගන්නා ලද තවමත් නිසි පැහැදිලි කිරීමක් කළ නොහැකියි වස්තුන් කීපයක් තොරතුරු ඔබත් එක්ක බෙදා ගන්න අපි හිතුවා. මේ ලැයිස්තුවට අපි අඟහරු මත අඟහරු මත පිරමීඩ සහ බුද්ධ රූප පවතිනවායි කියන කතා ඇතුළත් නොකළේ ඒ වගේ දේවල් ගැන නාසා ආයතනය හෝ වෙනත් පිළිගත හැකි ආයතනයක්  සඳහන් කරලා නැති නිසා. නමුත් ඔබ කමෙන්ට් එකක් මගින් එවැනි තොරතුරු ගැන විස්තර ඉල්ලා සිටියොත් ඒ පිළිබඳව තොරතුරු ලබා දෙන්නත් අපි සූදානම්.

ඔපචුනිටි රෝවරය මගින් අඟහරු මත පවතින අසාමාන්‍ය අයුරින් වටකුරු හැඩයේ වස්තූන් කිහිපයක් නිරීක්ෂණය කළා. විද්‍යාඥයන් මේ වස්තුන් බ්ලුබෙරිවල හැඩයෙන් යුක්ත නිසා ඒ නමින් නම් කළා. බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ මේ බ්ලුබේරි කියන්නේ පාෂාණ විශේෂයක් සහ අඟහරු මත පැවති ගංගාවල දිය පහරවල් වලින් මෙම පාෂාණ වල හැඩය ඇති වී තිබෙන බවයි.

ඉන්පසුව මෙම රෝවර් යානය හඳුනාගත්තේ තවත් කෑමක් බඳු වස්තුවක්. ඒ සඳහා විද්‍යාඥයන් ජෙලි පිරුණු ඩෝනට් යන යෙදුම භාවිතා කළා. සති ගානක නිරීක්ෂණයෙන් පසුව එය සාමාන්‍ය පාෂාණයක් විදිහට විද්‍යාඥයන් විසින් හැඳින්වුවත් ඇතැම් අය අය ඒ මතයට එකඟ වෙන්නේ නැහැ.

2005 වර්ෂයේ දී එම රෝවර් යානය විසින් ම උල්කාපාත කැබැල්ලක් හඳුනාගත්තා. මිනිස් වර්ගයා විසින් පෘථිවියෙන් බැහැර ව උල්කාපාතයක් හඳුනාගත් හඳුනා ගත් පළමු අවස්ථාව මෙය විදිහට සලකන්න පුළුවන්. එහි යකඩ සහ නිකල් අඩංගු බවට අවසානයේ දී නිගමනය කරනු ලැබුවා. නමුත් ඇතැම් මතයකට අනුව මුල් කතා පහත මගින් විශ්වය පුරා ජීවය සංසරණය වන බවට ප්‍රවාදයක් තියෙන බවත් අපි අමතක කරන්න හොඳ නැහැ.

මෙම රෝවරය මගින් ම දිගු කන් ඇති හාවෙකු කෙබඳු ස්වරූපයක් ඇති වස්තුවක් හඳුනා ගත් අතර විද්‍යාඥයන් සැක පහ පහල කරේ එය රෝවරයේ ම කැඩී ගිය කොටසක් බවයි.

ස්පිරිට් නම් රෝවරය මගින් 2007 වර්ෂයේ දී ගලක් මත වාඩිවී සිටින මිනිසෙකුගේ බඳු ඡායාරූපයක් පෘථිවිය වෙතට එව්වා. එම කාලය තුළ මේ ඡායාරූපය දැඩි ලෙස ආන්දෝලනයට ලක් වූ අතර නාසා ආයතනය පුන පුනා පැවසුවේ එය ගල් කැබැල්ලක් පමණක් බවයි.

මේ කොහොම වුණත්  අඟහරු ලෝකය තුළ ජීවය පවතිනවා ද නැද්ද යන ප්‍රශ්නය ගැන අනාගතේදී අපිට උත්තරයක් ලැබේවි.