අභිරහස් ලෙස අපවත් වූ භික්ෂූන්වහන්සේලා

ලංකාවට සතුරු කරදරයක් ආපු ඕනම වෙලාවක පෙරට ආපු පිරිසක් ඉන්නවා ඒ තමයි අපේ රටේ භික්ෂූන්වහන්සේලා. ඇත්තටම කිව්වොත් එහෙම භික්ෂුන්වහන්සේලා නොසිටින්න අපේ රටේ සිංහල කියලා ජාතියක් ඉතුරු වෙන්නේ නැහැ.මේ නිසාම අනුරාධපුර යුගයේ  අද දක්වාම අපේ රටට සතුරු බලවේග තමන්ගේ අංක එකේ ප්‍රති වාදියා විදිහට සලකන්නේ භික්ෂූන්වහන්සේලා. ඔවුන් භික්ෂූන් භික්ෂුන්වහන්සේලාගේ බලය දුර්වල කරන්න විවිධ උපක්‍රම යෙදුවා.විශේෂයෙන් ඉංග්‍රීසින්ගේ පාලන කාලය තුළදී මේ උපක්‍රම ඉතා දරුණුවට ක්‍රියාත්මක වුණා.හැබැයි මෑත කාලය ගැන බැලුවොත් අපි දකින්නේ ඉතාමත් සූක්ෂම ව්‍යාපාර.රට ජාතිය බුද්ධ ශාසනය වෙනුවෙන් පෙරට එන භික්ෂූන් වහන්සේලාව විවිධ ක්‍රම වලින් නිහඬ කරන්න මේ බලවේග උත්සාහ කරලා තියෙනවා. මේ කුමන්ත්‍රණකාරී ස්වභාවය නිසාම ඇතැම් සුප්‍රකට භික්ෂූන් වහන්සේලාගේ අපවත්වීම් ගැන තාමත් බෞද්ධ ජනතාවට තියෙන්නේ සැකයක්.අද අපි මේ වීඩියෝව තුලින් කතා කථා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ රටේ බෞද්ධ ජනතාව විවිධ බලවේග මගින් අපවත් කළා යැයි සිතන භික්ෂූන් වහන්සේලා කිහිප නමක් ගැන.ඊට කලින් තාමත් ඔබ විශ්වකර්ම යූ ටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ්  කරලා නැත්තම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අපේ වීඩියෝස් නිකුත් වූ සැනින් එසැනින් දැනගන්න බෙල් සලකුණ ක්ලික් කරන්න කියන පණිවිඩයත් මතක් කරන්න කැමතියි.

1. මිගෙට්ටුවත්තේ ජනානන්ද හාමුදුරුවෝ

පානදුරා වාදය කියන්නේ ලංකා ඉතිහාසයේ සන්ධිස්ථානයක්.දීර්ඝ කාලයක් පරාජිත ස්වභාවයෙන් හිටපු සිංහල බෞද්ධ ජනතාව ජයග්‍රාහී හැඟීමකින් ඉදිරියට එන්න පෙළඹුණේ පානදුරා වාදයෙන් ලද ජයග්‍රහණය නිසා.මේ සඳහා ප්‍රමුඛස්ථානයට ගත්තේ වාදීභසිංහ මිගෙට්ටු වත්තේ ගුණානන්ද හාමුදුරුවො.උන්වහන්සේගේ සිංහ ස්වරය පුවත්පත් හරහා මුළු ලෝකය පුරාම පැතිර ගියා එහි ප්‍රතිඵලයක් විදිහට තමයි  හෙන්රි  ස්ටීල් ඕල්කට් තුමා ලංකාවට එන්නේ.උන්වහන්සේගේ ප්‍රධාන ගෝලයා විදිහට සැලකෙන්නේ මිගෙට්ටුවත්තේ ජනානන්ද ස්වාමීන් වහන්සේ. පැරණි වාර්තා වලට අනුව ජනානන්ද හාමුදුරුවෝ ගුණානන්ද හාමුදුරුවන්ගේ ළඟම ඥාතීයෙක්.තමන්ගේ ගුරු හාමුදුරුවන්ගේ කථිකත්වය ජනානන්ද හාමුදුරුවන්ටත් ඒ විදිහටම පිහිටලා තිබ්බා.1890 දී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් අපවත් වීමෙන් පස්සේ තම ගුරු හාමුදුරුවන්ගේ විහාරාරාම බලා ගැනීම වගේම උන්වහන්සේගේ සේවාව ඉදිරියට ගෙන ගෙනයෑම සිද්ධ වුණේ ජනානන්ද හාමුදුරුවන්ගේ අතින්.මෙහි උච්චතම අවස්ථාව වූයේ 1890 වර්ෂයේ දී සිද්ධ වුණු ඔරුගොඩවත්තේ වාදය.ඇතැම් අය මේ වදය මේ වදය ඌරුගොඩවත්තේ වාදය විදිහටත් හඳුන්වනවා.තමන්ගේ ගුරු හාමුදුරුවෝ වගේම මේ වාදය ජය ගන්න උන්වහන්සේ සමත් වෙනවා.ඒ වගේම උන් වහන්සේ ප්‍රයිස් පාක් පිටියේ දිනපතා ධර්ම දේශනා කරන්නේ එවකට තිබුණු කිසිදු බලපෑමකට යටත් නො වෙමින්.බොහෝ දෙනෙක් විශ්වාස කළේ කථිකත්වයෙන් සහ හැකියාවෙන් ජනානන්ද හාමුදුරුවෝ උන්වහන්සේගේ ගුරු හාමුදුරුවෝ ගුණානන්ද හාමුදුරුවන් වහන්සේ ඉක්මවා යයි කියලා.නමුත් උන් වහන්සේ හදිසි අනතුරකින් අපවත් වෙනවා.නමුත් ඒ දවස්වල බොහෝ දෙනෙක් විශ්වාස කෙරේ උන්වහන්සේ අපවත් වුණා නෙමෙයි අපවත් කළා කියලා.

2. කොටගම වාචිස්සර හාමුදුරුවෝ

කොටගම වාචිස්සර හාමුදුරුවෝ සමාජවාදය ගරු කළ හාමුදුරුවෝ කෙනෙක් විදිහට ඇතැම් අය දකිනවා.නමුත් ඒ කතාව වැරදියි උන්වහන්සේ ඒ හැමදාම විශ්වාස කෙරේ දියුණු මිනිස් සමාජයක් ඇති වෙන්න නම් සමාජ වාදය සහ බුදු දහම එක්ව කටයුතු කළ යුතුයි කියලා.උන් වහන්සේ සමාජවාදී රටවල් රටවල් කීපයක සංචාරය කිරීමෙන් පස්සේ මෙහෙම කියනවා “සෝවියට් රුසියාවේ සහ චීනයේ කළ සංචාරයෙන් මා දුටු දෙයනම් සම්පත් සාධාරණව බෙදී යන යුක්තිසහගත සමාජයක් එහි ඇති බව. එහෙත් ඒ තත්ත්වය දිගටම පවතී යැයි මා සිතන්නේ නැහැ එය දිගටම පවතින්නට නම් මිනිස් සිතේ ඇති තණ්හාව ද්වේෂය මෝහය යන කෙළෙස් තරමක් දුරට හෝ සංසිදෙන්නට ඕනෑ. ඒ රටවලට බුදු දහමේ ආලෝකය වැටුනොත් දැන් ඒ රටවල පවතින යහපත් සමාජය දිගටම පවතීවි. නැතිනම් කෙලෙස් විසින් එම තත්ත්වය විනාශ කොට දමාවී මේ ප්‍රකාශය අහද්දි උන්වහන්සේ කොයිතරම් අනාගත දැක්මකින් යුතුව හිටපු භික්ෂූන් වහන්සේ නමක් ද කියන එක ඔබටම පැහැදිලි වේවි.උන්වහන්සේ ඒ 1956 බණ්ඩාරනායක රජය බලයට ගෙන එන්න කටයුතු කරන්නේ උන්වහන්සේ විශ්වාස කළ දර්ශනය ක්‍රියාත්මක කර ගන්න.නමුත් බණ්ඩාරනායක මැතිතුමා ඒ මාර්ගයෙන් පිටට යද්දි ඉස්සෙල්ලම විරුද්ධ වෙන භික්ෂූන් වහන්සේ නමක් වෙන්නෙත් කොටගම වාචිස්සර හාමුදුරුවෝ.දිගින් දිගටම දේශපාලනයේ සහ සමාජ ක්‍රියාකාරකම් වල සක්‍රීය වෙමින් හිටපු කොටගම වාචිස්සර හාමුදුරුවෝ හදිසි රෝගී තත්ත්වයක් නිසා ජාතික රෝහලට ඇතුළත් කෙරෙනවා.එහිදී උන්වහන්සේට සැත්කමක් කළ යුතු යැයි තීරණය වෙනවා. නමුත් සැත්කම කිරීමට පෙර උන්වහන්සේට ලබාදෙන නිර්වින්දන එන්නතෙන් ඇතිවුනු ගැටලුකාරී තත්ත්වයක් නිසා උන්වහන්සේ අපවත් වෙනවා. බෞද්ධ ජනතාවට අදටත් මේ එන්නත වැරදී ගිය ආකාරය ගැන තියෙන්නෙ ප්‍රශ්නයක්.

3. ලබුදූවේ සිරිධම්ම හාමුදුරුවෝ

1982 වර්ෂයේ පැවති  ජනාධිපතිවරණයට ළං වෙද්දී මුළු රටේම තිබ්බෙ නොසන්සුන් සහගත තත්වයක්.ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයාගේ දුර්දාන්ත පාලනය පිළිබඳව බොහෝ දෙනාගෙන් විරෝධතා එල්ල වුණා.ජනාධිපතිවරණය පැවැත්වෙන මාස කීපයකට පෙර ශ්‍රී දළදා මාළිගාව අබියසින් භික්ෂු සංවිධාන සහ විවිධ සිවිල් සංවිධාන සංවිධානයක පා ගමනක් ආරම්භ කළා.ඒ පාගමන ගැටඹේ රාජෝපවනාරාමයට පැමිණි අවස්ථාවේදී පිළිගන්නා ලද්දේ විහාරාධිපති ලබුදූවේ සිරිධම්ම හිමියන් විසින්.උන්වහන්සේ එහිදී වේගවත් කතාවක් කරමින් මේ රටේ ජනාධිපතිවරයා දේශද්‍රෝහියෙක් යයි පැවසුවා.මේ බලවත් කෝපයට  පත්වූ ජේ. ආර් ජයවර්ධන ජනාධිපතිවරයා යුද හමුදාවේ ඉංජිනේරු බලකාය ලවා රාජෝපවනාරාමය කොටසක් කටු කම්බි වැටක් ගසා හමුදාව යටතට ලබා ගත්තා.රටෙන් එල්ල වූ බලවත් විරෝධය හමුවේ අවසානයේ දී රාජෝපවනාරාමයටම එම ඉඩම ලබා දීමට ඔහු කටයුතු කළා. මේ නිසා ලබුදූවේ සිරිධම්ම හිමියන් කෙරෙහි බොහෝ සතුරන් ඇති වුණා.එයින් වසර කීපයකට පසුව පන්සලේ දී ඇතිවුණු අනතුරකින් උන්වහන්සේ අපවත් වුණා.නමුත් ඒ අපවත් වීම පිටුපස යම් බලවේගයක් ක්‍රියාත්මක වුණා කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනව.

4. පානදුරේ අරියධම්ම හාමුදුරුවෝ

ලංකාවේ බෞද්ධ ජනතාව බෝධි බෝධි පූජාවක් සිදු කිරීමේදී කිරීමේ දී ගාථා කීමෙන් අනතුරුව අනිවාර්යෙන්ම ගායනා කරන කවි පන්තියක් තියෙනවා.මේ කවි පන්තිය මුලින් ම බෝධි පූජා සඳහා භාවිතා කරන්න පටන් ගත්තේ පානදුරේ අරියධම්ම හාමුදුරුවෝ.උන් වහන්සේ සිදුකරපු බෝධි පූජා පින්කම් වලට දිවයිනෙ දස දෙසින් දස දහස් ගණන් පිරිස් සහභාගි වුණා.අද කාලෙදි වගේ කිසිදු මාධ්‍ය අනුග්‍රහයක් නොලැබුණු ඒ කාලේ උන්වහන්සේ මුළු රටේ ම ජනප්‍රිය භික්ෂූන්වහන්සේ නමක් බවට පත්වුණා.මේ බෝධි පූජා පිංකම් වලට සහභාගි වීම නිසා බෞද්ධයන්ගේ ශ්‍රද්ධාව වැඩි දියුණු වුණා.නමුත් මේ ශ්‍රද්ධාව දිහා බලන් ඉන්නවා බැරි පිරිසකුත් මේ රටේ ඉන්න ඇති.1986 දී උන්වහන්සේ බෝධි බෝධි පූජා පින්කමක් සඳහා පේරාදෙණියට වැඩම කළ අවස්ථාවේ දී ඇතිවූ හදිසි රෝගී තත්ත්වයක් නිසා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබුවා.එතෙක් යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් වැඩ සිටි උන්වහන්සේ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පැය කීපයක් ගත වන්නටත් පෙර අපවත්වී වදාළා.බොහෝ දෙනෙක් විශ්වාස කලේ කළේ මේ අපවත් වීම වස දීමකින් සිද්ධ වුණා කියලා

5. ගංගොඩවිල සෝම හාමුදුරුවෝ

අද ලංකාවේ බෞද්ධයෝ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් බය නැතුව පෙනී සිටින්න කටයුතු කරනවා නම් ඒ සඳහා අවශ්‍ය පසුබිම සකස් කර කර ගංගොඩවිල සෝම හාමුදුරුවෝ කියන එක ගැන විවාදයක් නැහැ.විශේෂයෙන්ම උන්වහන්සේ අනාගතයේදී බෞද්ධයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙන අන්තවාදය ගැන නිවැරදිව පුරෝකථනය කළා.ඒ දවස් වලම විවිධ අන්තවාදී සංවිධාන උන්වහන්සේව තමන්ගේ මූලික ඉලක්කයක් කරගෙන තිබ්බ කියලා කතා එහෙන් මෙහෙන් ඇහුනා.නමුත් කිසිවෙකුත් නොපැතූ විදිහකට උන්වහන්සේ රුසියාවේ දී අපවත් වුණා. ඒ වෙනුවෙන් ජනාධිපති කොමිසමක් පත් කළා.මේ කොමිසමේ සාමාජිකයන් බෙදුණු තීන්දුවක් ලබාදුන්නා. කොමිසමෙහි සභාපතිවරයා වූ විශ්‍රාමික විනිශ්චයකාරයෙකු වන පී.ඊ එදිරිසූරිය මහතා සහ විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය උන්වහන්සේගේ අපවත් වීම ඝාතනයක් ලෙස නිගමනය කළ අතර තවත් සාමාජිකයෙකු වුණු මැන්දිස් රෝහණදීර මහතා උන්වහන්සේගේ අපවත් වීම ඝාතනයක් යැයි සැක සිතීමට සාක්ෂි ප්‍රමාණවත් නොවන බව නිගමනය කළා.කොහොම වුණත් සෝම හාමුදුරුවන්ව ඝාතනය කිරීම් මගින් යම් කෙනෙක් බෞද්ධයන්ගේ බලය බිඳින්නට කලානම් කළා නම් එය කළා නම් එය සාර්ථක වුනේ  නැහැ කියලත් කියන්න පුළුවන්.

6. මාදුළුවාවේ සෝභිත හිමි

මෑත කාලයේ ලංකාවේ දේශපාලනය කෙරෙහි වැඩිම බලපෑමක් එල්ල කරපු භික්ෂූන් වහන්සේ ඒ විදිහට මාදුලුවාවේ සෝභිත හාමුදුරුවෝ අනුව සලකන්න පුළුවන්.දාහත් වසරක එක්සත් ජාතික පක්ෂයේ පාලන සමයේ ගත් විවිධ අන්තනෝමතික තීරණවලට එරෙහිව උන්වහන්සේ ජනතාව සංවිධානය කරමින් තම විරෝධය එම තීරණවලට එල්ල කළා.වතාවන් කීපයකදීම කිහිපයකදීම උන්වහන්සේ ඇතුළු භික්ෂූන්වහන්සේලාට ජේ. ආර් ජයවර්ධන රජයේ මැරයන්ගේ ප්‍රහාර වලට ලක් වීමට සිදු වුණා මේ නිසා ම චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනිය ජනාධිපති ධුරයට පත් වීමෙන් පසුව අන් කිසිදු ආගමික ස්ථානයකට යෑමට පෙර කෝට්ටේ නාග විහාරයට පැමිණ උන් වහන්සේව බැහැ දුටුවා.කොහොම වුනත් දේශපාලන පක්ෂයකට වඩා රට ගැන සිතූ උන්වහන්සේ චන්ද්‍රිකා බණ්ඩාරණායකගෙන් ඇතැම් තීරණ වලට විරුද්ධ වුණා.මහින්ද රාජපක්ෂ මහතා බලයට පැමිණීමේ තමන්වහන්සේගේ සම්පූර්ණ සහයෝගය ඔහුට ලබා දුන්නත් සරත් ෆොන්සේකා මහතා සිරගත කිරීම් වැනි  තීරණ වල දී තමන්වහන්සේගේ විරුද්ධත්වය ප්‍රකාශ කරන්න උන්වහන්සේ දෙවරක් හිතුවේ නෑ.මේ පරස්පරතා වල උච්චතම අවස්ථාව වූයේ 2015 වර්ෂයේ දී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමට මෛත්‍රීපාල සිරිසේන මහතාට උන්වහන්සේ සිය සම්පූර්ණ දායකත්වය ලබා දීමයි. නමුත් ඉන් පසුව පත්වූ යහපාලන අර රජය සහ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනවරමට පිටුපා කටයුතු කරන විට උන්වහන්සේ ප්‍රසිද්දියෙ ඊට විරෝධය පළ කළා.මේ අතර තුරේ දී උන්වහන්සේ බයිපාස් සැත්කමකට ලක් කිරීමෙන් අනතුරුව  ඇතිවුණු සංකූලතා නිසා සිංගප්පූරුවේ රෝහලකට යවා ලවා ප්‍රතිකාර ලබා සිදු කළා.නමුත් එහිදී උන් වහන්සේ අපවත් වී වදාළා.උන්වහන්සේගේ සමීපතම භික්ෂූන් වහන්සේ නමක් වුණු උඩුවේ ධම්මාලෝක හිමියන් සහ ඇතැම් ප්‍රබල දේශපාලනඥයන් පවා ප්‍රකාශ කළේ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත් වීම සැක සහිත බවයි.

7. සේරුවිල සරණකිත්ති හිමි

සිංහල රජ කාලයෙන් පසුව කැලෑවට වැසී ගිය සේරුවිල පුදබිම නැවතත් සොයාගෙන පිළිසකර කරමින් බෞද්ධ ජනතාවගේ වැඳුම් පිදුම් සඳහා වැදුම් පිදුම් සදහා විවෘත කරලා දෙන්නේ දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර හිමියන්. උන්වහන්සේගේ ජේෂ්ඨ චිත් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය විදිහටයි සේරුවිල සරණකිත්ති හිමියන් පැවිදි දිවියට පත් වෙන්නේ.1984 වර්ෂයේදී උන්වහන්සේ සේරුවිල විහාරාධිපති ධූරය භාරගන්නා විට මුළු නැගෙනහිර පළාත ම එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයට හසු වෙමින් තිබුණා. නමුත් කොටි ත්‍රස්තවාදීන්ගේ ඝාතන තර්ජන මධ්‍යයේ  වුණත් උන්වහන්සේ සේරුවිල පුදබිම අතහැර ගියේ නැහැ. උන්වහන්සේ එම පුදබිම අතහැර නොයාම නිසාම එම පළාතේ වාසය කළ පාරම්පරික සිංහල බෞද්ධ ජනතාවත් එම ප්‍රදේශය අතහැර යාමෙන් වැළකුණා.මේ නිසාම උන් වහන්සේ කොටි ත්‍රස්තවාදීන්ගේ ප්‍රධානතම ඉලක්කයක් බවට පත් වී තිබුණා.කෙසේ වෙතත් අවසානයේ දී කොටි ත්‍රස්තවාදීන්ට ශ්‍රී ලංකාවෙන් අතු ගෑවී යාමට සිදුවුණා. ඉන්පසුවත් උන්වහන්සේ සේරුවිල පුද බිමේ වැඩ වාසය කරමින් නැගෙනහිර පළාතේ බෞද්ධ ජනතාවට නායකත්වය ලබා දුන්නා. 2016 වර්ෂයේ දී අක්මාව ආශ්‍රිත රෝගී තත්ත්වයක් නිසා ජාතික රෝහලට අතුලත් කරන උන්වහන්සේව නැවතත් පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව දින කීපයකින් අසාධ්‍ය තත්ත්වයට පත් වී අපවත් වී වදාරනවා.උන්වහන්සේගේ පැවිදි සහෝදරයෙකු වුණු පිච්ච මල් පූජාව නිර්මාතෘ කොටපොල අමරකිත්ති හිමියන් ප්‍රකාශ කළේ සරණකිත්ති හාමුදුරුවන්ගේ අපවත් වීම පිටුපස කුමන්ත්‍රණයක්  පවතින බවයි.සේරුවිල විහාරස්ථානයේ අයිතිය පිළිබඳ ව ගැටුම් ඇති කරගත් පාර්ශ්වයක් විසින් තමන් වහන්සේට වස දෙනු ඇතැයි සරණකිත්ති හිමියන් අවසාන කාලයේදී කාලයේදී සැක පහළ කර බවත් කොටපොල අමරකිත්ති හිමියන් ප්‍රකාශ කළා.

උන්වහන්සේලාගේ අපවත් වීම පිළිබඳව සහ අපේ රටේ බෞද්ධ භික්ෂුන් වහන්සේලාට සහ බෞද්ධ ජනතාවට එල්ල වී ඇති විවිධ තර්ජන ගැන ඔබේ අදහස් කමෙන්ට් එකකින් දක්වන්න කියලා ඉල්ලීමක් කරන්න කැමතියි.යළිත් වතාවක් මේ වගේ විමර්ශනාත්මක වීඩියෝවකින් නැවතත් මුණ ගැහෙනමු.