කොරෝනා තුරන් වන දිනය ගැන බටහිර විද්‍යාත්මක සහ ගුප්ත විද්‍යාත්මක හෙළිදරව්වක්

මේ දවස්වල ගෙදරට වෙලා ඉන්න හැමෝගෙම ප්‍රශ්නය තියෙන්නෙ කවදා මේ කොරෝනා ප්‍රශ්නය ඉවර වෙයිද කියන එක ගැන. ගෙදරටම වෙලා කාලය ගත කරන බොහෝ දෙනෙක් මානසික වශයෙනුත් අසමතුලිත බවට පත්වෙලා තියෙනවා කියන එක රහසක් නෙමෙයි. මේ නිසා විශ්වකර්ම යූ ටියුබ් නාලිකාවේ අපි හිතුවා මේ කොරෝනා වසංගතය ඉවරවෙන දවස ගැන වෛද්‍ය විද්‍යාත්මකව සහ ගුප්ත විද්‍යාත්මකව පලකරලා තියෙන අනාවැකි ගැන ඔබව දැනුවත් කරන්න. ඊට කලින් ඔබ මෙතෙක් විශ්වකර්ම යූ ටියුබ් නාලිකාව මෙතෙක් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නං සබ්ස්ක්‍රයිබ් කරන්නත් අපේ වීඩියෝස් නිකුත්වූ සැනින් දැනගන්න බෙල් සලකුණ ක්ලික් කරලා තියන්න කියන එකත් මතක් කරන්න කැමතියි.

අපි මුලින්ම ගුප්ත විද්‍යාත්මක අනාවැකි දිහාට හැරුණොත් එහෙම ඉන්දියාවේ  සුප්‍රකට ජෝතිෂ්‍යවේදීයෙකු වන ආචාර්ය විනෝද් කුමාර් පවසා තිබෙන්නේ මේ වසරේ සැප්තැම්බර් සහ නොවැම්බර් අතර කාලය තුළදී  කොරෝනා වෛරසය ඉන්දියාවෙන් තුරන් වී යනු ඇති බවයි.ඔහු ඒ සඳහා සාධක කොට ගන්නේ මේ වසරේදී ඉන්දියාවේ ග්‍රහචාරයට බලපාන ප්‍රධානම ග්‍රහයා වන ගුරු නොවැම්බර් 30 දක්වා මකර රාශියේ රැඳී සිටීමය.මේ වසංගතය ඇතිවීම සඳහා බලපාන හේතුව විදිහට ඔහු දක්වා තිබෙන්නේ ඇතැම්විට මෙය ලෝක වාසීන්ගේ සාමූහික කර්මයක් විය හැකි බවක්.එසේම මිනිසාගේ අතිධාවනකාරී ස්වභාවය නිසා වෙහෙසට පත් වූ ස්වභාව ධර්මයට විවේක ගැනීමට අවශ්‍ය වූ නිසා මේ වසංගතය ඇතිවූ බව ඔහු උපකල්පනය කරනවා.ඒ කතාවේ යම් ඇත්තක් තියෙනවා කියලා ඔබට වුණත් වැටහිලා ඇති.ඕසෝන් ස්ථරය යළි ප්‍රකෘතිමත් වුණා කියලා මේ වෙනකොට වාර්තා වෙමින් තිබෙනවා. ඒ වගේම වායූ දූෂණය වාර්තාගත ප්‍රමාණයකින් අඩු වී තිබෙනවා.එසේම මින් ඉදිරියටත් මිනිසා සරල දිවි පැවැත්මකට හුරුවීමෙන් සහ  ස්වභාවධර්මයට එරෙහි නොවී ඒ හා සමඟ සමගාමී යම්  ගමනක යෙදිය යුතු බව එතුමා අවධාරණය කරනවා. උදාහරණයක් විදිහට අධිපාරිභෝජනවාදී ස්වභාවයෙන් බැහැර වී තිරසර සම්පත් පරිභෝජනය කෙරෙහි මිනිසා අවධානය යොමු කළ යුතු වෙනවා.

ජෝතිෂ්‍යය පිළිබඳව පැතිරුණු දැනුමක්  හෙබි තවත් විශිෂට ගණයේ විද්වතෙකු වන අශිෂ් මෙහෙතා  පවසන්නේ ඊට සමාන අදහසක්.එතුමාත් පවසා තිබෙන්නේ වර්තමාන ග්‍රහ චාරය අනුව කොරෝනා වෛරසය මේ වසරේ සැප්තැම්බර් මාසයේ පමණ නැතිව යනු ඇතිබවයි. එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වාසය කරමින් එරට වාසය කරන මුස්ලිම් ප්‍රභූවරුන්ට සහ විදේශීය ධනවතුන්ට සිය සේවය සලසන  තවත් ප්‍රකට ඉන්දීය ජාතිකයන් ජෝතීර්වේදීන් දෙදෙනෙකු වන ආචාර්ය සන්දීප් භාර්ගව සහ උපේන්ද්‍ර ශාස්ත්‍රී  ප්‍රකාශ කර ඇත්තේ මැයි මස එකොළොස් වැනි දා  වෛරසයේ බලපැවැත්ම හීන වී යාමට පටන් ගන්නා බවයි.

තමිල්නාඩුවේ හිටපු ප්‍රධාන අමාත්‍යවරිය වන ජයලලිතා ජයරාම් මහත්මියගේ පෞද්ගලික ජෝතීර්වේදියා වන උන්නි ක්‍රිෂ්ණන් පන්කීර් මහතා සැලකෙන්නේ අතිශයින්ම නිවැරැදි අනාවැකි පවසන පුද්ගලයෙකු ලෙසටයි.යකඩ ගැහැනියක වූ ජයලලිතා මේ ලෝකයෙන් ගරු කළ පිරිමින් අතළොස්සක් අතරින් කෙනෙක් වන එතුමාගේ වචනයෙන් පිට කිසිදු දෙයක් ඇය කළේ නෑ.ඇතැම් අය කියන්නේ ඔහු විසින් ජයලලිතාගේ මරණය පවා නිවැරැදිව පුරෝකතනය කළ බවයි.එතුමා විසින්  පවසා ඇත්තේ මැයි මාසය අග දී පමණ කොරෝනා වෛරසයේ උග්‍රතම කාලය අවසන් වී යනු ඇති බවයි. මෙම වසංගතය ඇතිවීමට ඔහු එක්තරා හේතුවක් විදිහට දකින්නේ දෝෂම් නම් යෝගය,වසුන්දරා යෝගය සහ කාල සර්ප යෝගය එකම කාලයක සංයෝගව උදා වීමයි.

මේ ප්‍රබල ජෝතීර්වේදින් මොනවා කිව්වත් අපිට ඉන්දියාව සහ කොරෝනා වෛරසය ගැන කතා කරද්දී අමතක කරන්න බැරි චරිතයක් ඉන්නවා. ඒ කවුද කියලා මෙතනින් ඔබට බලාගන්න පුළුවන්. ඒ වගේම මේ කුඩා දරුවා පවසා ඇති ආකාරයට කොරෝනා වෛරසය පැතිරීම අඩු වීම ජූලි මාසයේ සිට ආරම්භ වෙනවා.හැබැයි ඒක සැනසීමට කාරණයක් නම් නෙමෙයි. මොකද ඔහු ඊට වඩා දරුණු සහ අපේ හදවත සසල කරන අන්දමේ අනාවැකියත් පවසා තිබෙනවා. ඒ මිනිසා විසින් කොරෝනා වෛරසය සඳහා එන්නතක් සොයා ගත්තත් අලුත් අලුත් වෛරස නිසා ඇතිවන වසංගත රෝග බය ලෝකය පුරා පැතිර යනවා කියලා.නව වෛරසය පැතිරීම ආරම්භ වන දිනයත් ඔහු ප්‍රකාශ කොට තිබෙනවා. අවාසනාවකට වගේ මේ දිනයත් යෙදී තිබෙන්නේ 2020 අවුරුද්දේමයි.දිනය දෙසැම්බර් 20.මේ දරුවා පවසා ඇති ආකාරයට මෙම නව වසංගතය 2021 මාර්තු 31 දක්වා ලොව පුරා නව අභියෝග ඇති කරාවී. මේ නිසා ඒවැනි අවදානමකට දැන්ම සූදානම් වුණත් වැරැද්දක් නෑ.

බල්ගේරියානු ජාතික අනාවැකිකාරියක වන වන්ගාගේ නමත් කොරෝනා වසංගතය ගැන කතා කරද්දී අමතක කරන්න බැරිම නමක්.ඇය ඒ පිළිබඳව අනාවැකිය ගැන වගේම ඇය පළ කළ පුදුමසහගත අනාවැකි ගැන අපි මීට කලින්  වීඩියෝවක් ඔබ වෙතට ගෙන ආවා. ඇය කොරෝනා වසංගතය සඳහා ඒ නමම භාවිතා කළ අනාවැකිකරුවන් දෙදෙනා අතරින් කෙනෙක් විදිහට සලකන්න පුළුවන්. වන්ගාගේ එම අනාවැකිවලට අනුව වසංගතය ආරම්භ වී වසරක් පමණ ගත වන තෙක් එය ප්‍රතිකර්මයක් සොයා ගැනීමට මිනිසාට නොහැකි වන බව ඇය ඇය පවසා තිබෙනවා.

මීට අමතරව ලෝකයේ සුප්‍රකටතම අනාවැකිකරු වන නොස්ට්‍රඩාමුස් කොරෝනා වසංගතය පිළිබඳව ඒ නමම භාවිතා කරමින් අනාවැකි පළ කොට තිබෙනවා. ප්‍රහේලිකාත්මක ස්වරූපයෙන් අනාවැකි පළ කරන්නෙක් වන ඔහු රැජිනක් පිළිබඳව  සඳහන් කර තිබෙනවා. ලතින් භාෂාවෙන් රැජින සඳහා කොරෝනා යන වචනයත් භාවිතා වෙනවා. ඔහු පවසා ඇත්තේ මෙම වෛරසය වසර තුනක පමණ කාලයක් මිනිසාට බොහෝ ව්‍යසනකාරී තත්ත්වයක් ඇති කර අතුරුදහන් වී යන බවත් නැවත වසර ගණනාවකට පසුව හදිසියේම මතු වී මාස කිහිපයකට ලෝකයේ බියපත් කිරීමෙන් අනතුරුව සදහටම අතුරුදහන් වී යන බවක්.

මෙච්චර වෙලා අපි කතා කරේ විදේශ රටවල අනාවැකි කරුවන් සහ ජෝතීර්වේදින්  කොරෝනා වසංගතය අවසන් වන දිනය ගැන පළ කරලා තිබ්බ අනාවැකි පිළිබඳව. අපි දැන් ඔබේ අවධානය යොමු කරන්න යන්නේ කොරෝනා වෛරසය පිළිබඳව සාර්ථකව අනාවැකි පල කළ ලංකාවේ එකම අනාවැකිකරු වන ප්‍රියදර්ශන රත්නායක මහතා සදහන් කොට ඇති විස්තරය පිළිබඳව. එතුමාගේ එම විස්මයජනක අනාවැකි පිළිබඳව පළමු වරට හෙළි කරන ලද්දේ විශ්වකර්ම යූ ටියුබ් නාලිකාව හරහා බව ඔබට මතක ඇති. එතුමාගේ ඒ අනාවැකි වලට අනුව කොරෝනා වසංගත තත්ත්වය මේ වසරේ සැප්තැම්බර් දක්වා පැතිරීම සිද්ධ වෙනවා.ඉන්පසු පසුව තමයි අපිට ඉන් යම් සහනයක් අපේක්ෂා කරන්න පුළුවන්.

මීළඟට අපි ඔබට කියන්න යන්නේ බටහිර විද්‍යාව ආශ්‍රයෙන් කොරෝනා එහෙමත් නැත්නම් Covid 19 වසංගතය අවසන් වන දවස පිළිබඳව පළ කරලා තියෙන  අනාවැකි කීපයක් පිළිබඳව. ඉදිරි කාලයේදී මේ අනාවැකි වර්ග දෙකෙන් වඩාත්ම නනිවැරදි කුමන අනාවැකි වර්ගයද කියන එක ගැන ඔබටම නිගමනයකට එන්න හැකියාව ලැබෙයි කියලා අපි හිතනවා.

කොරෝනා වෛරසය මේ ලෝකයෙන් තුරන් වන දෙය පිළිබඳව ගණනය කිරීම සඳහා දත්ත විශ්ලේෂකයන් විසින් ලොව පුරා රටවල දෛනිකව කොරෝනා වෛරසය ආසාදනය වුණු පුද්ගලයින්, ඉන් සුවය ලබා ගත් ප්‍රමාණය සහ මරණයට පත් වූ ප්‍රමාණය ආදි දත්ත ලබා ගනිමින් ගණිතමය ආකෘතියක් භාවිතා කරමින් මේ අනාවැකි පවසා තිබෙනවා.සිංගප්පූරුවේ වැඩිදියුණු කරන ලද එක ක්‍රමයක්, ඔවුන් විසින් එස් අයි ආර් ආකෘතිය ලෙස හඳුන්වා තිබෙනවා.

මෙම ගවේෂණය සිදු කර තිබෙන්නේ සිංගප්පූරුවේ තාක්ෂණය සහ නිර්මාණකරණය පිළිබඳ විශ්ව විද්‍යාලය. දීර්ඝ වශයෙන් දත්ත විශ්ලේෂණයකින් එම සරසවිය කොරෝනා වෛරසය මුලිනුපුටා දැමීම මේ වසරේ දෙසැම්බරයේ සිදුවන බවට අනාවැකි පළ කර තිබෙනවා. විවිධ රටවල් වල ඒ සඳහා ගෙන ඇති ක්‍රිරියා මාර්ග වලට අනුව රෝගීන්ගේ සංඛ්‍යාවේ සිදු වන විචල්‍යයන් නිරීක්ෂණය කිරීමෙන් ඇතැම් රටවල් දෙසැම්බර් මාසයට කලින්  කොරෝනා වෛරසය සාර්ථකව පරාජය කරනු ඇති බව ඔවුන් අපේක්ෂා කරනවා උදාහරණයක් විදිහට ඔස්ට්‍රේලියාව ජූනි මාසයේදි කොරෝනා වෛරසයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වනු ඇති  මේ වනවිට කොරෝනා විට කොරෝනා වෛරස් ඒ නිසා අති දරුණු විදිහට බැට කමින් සිටින  ඉතාලිය ඔක්තෝම්බර් මාසයේදී අභියෝගය සාර්ථකව ජය ගනු ඇතැයි ඔවුන් පුරෝකතනය කරනවා .එසේම දැනට කොරෝනා වසංගතය නිසා මිලියනයකට අධික රෝගීන් සංඛ්‍යාවක් වාර්තාවීමත් සමග දරුණු අර්බුදයට පත්ව තිබෙන ඇමරිකා එක්සත් ජනපදය සහ  එක්සත් රාජධානිය යන රටවල මැයි මාසය අවසානය වන විට කොරෝනා මර්ධනයෙහිලා 99% ක සාර්ථකත්වයක් ලබා ගනු ඇතැ යි ඔවුන් අපේක්ෂා කරනවා. නමුත් මෙම ගණනය කිරීම් වල දෝෂ සහගත තත්ව තත්ත්ව ඇති විය හැකි බව ඔවුන්ම පවසා තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ මේ ගණනය කිරීම් සඳහා භාවිතා කර තිබෙන්නේ අද දක්වා ඔවුන්ට ලැබී ඇති දත්තයි.නමුත් මේ දත් ද අනාගතයේදී කෙසේ වෙනස් වී යනු ඇද්ද යන්න ගැන කිසිවෙකුටත් නිසි අදහසක් නැහැ.

එම ආයතනය මගින් ඉන්දියාව පිළිබඳව විශ්ලේෂණාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කොට තිබෙනවා.මේ වාර්තාවට අනුව ඉන්දියාව සිය කොරෝනා වසංගත තත්ත්වයෙන් 97% ක ප්‍රමාණයක් මැයි මස අවසානයේදී නිම කරනු ඇතැයිද 99% ක ප්‍රමාණයක් ජුනි 4 වනදා වන විට පාලනය කරනු ඇතැයිද අගෝස්තු පළවෙනිදා වනවිට සම්පූර්ණයෙන්ම වසංගත තත්වය පරාජය කිරීමට ඉන්දියාවට හැකිවනු ඇතැයිද ඔවුන් පවසා තිබෙනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකවරයකු ලෙස කටයුතු කරන වෛද්‍ය බෲස් අයල්වර්ඩ් සිය වෘත්තීය ජීවිතය තුළදී මෙවැනි වසංගත තත්ත්ව වලදී සක්‍රීය සක්‍රීයව සිය දායකත්වය ලබා දීමෙන් සුවිශාල අත්දැකීම් ප්‍රමාණයක් ලබා ගත් අයෙක්. ඔහු  පවසා තිබෙන්නේ මෙම වසංගත තත්ත්වය 2020 පළමු මාස හය තුළ උපරිම තත්ත්වයට පත්වනු ඇතැයි ද ඉන්පසු පසුව එය කෙමෙන් කෙමෙන් අඩු වී යනු ඇතැයි ද ඔහු අපේක්ෂා කරන බවයි. ඔහුගේ අනාවැකියයට බොහෝ දෙනෙක් අවධානය යොමු කරන්නේ  වසර තිහකට අධික කාලයක් ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ කටයුතු කරන ඔහු පෝලියෝ රෝගය ලෝකයෙන් තුරන් කිරීමට මෙන්ම එබෝලා වසංගත අවධියේ ඒ පිළිබඳව කටයුතු කළ සේවය නිසා ගෞරවයට ලක් වන අයෙක් නිසායි. කෙසේ වෙතත් ඔහු එක් කරුණක් අවධාරණය කරනවා. ඒ කොරෝනා වසංගත තත්වය පැතිරී යාම  අඩු වුවත් එන්නතක් සොයා නොගතහොත් එය සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දැමීමේ හැකියාවක් අල්ප බවයි.මේ නිසා අද අප මුහුණ දෙනවාට වඩා අඩු බලපෑමක් සහිතව  වූවත්  කොරෝනා වසංගතය අනාගතයේදී පැතිර යාමට පුළුවන්.නමුත් මේ තත්ත්වය වළක්වා ගැනීමට සමාජ දුරස්ථභාවය තබා ගැනීම, නිරෝධායන කටයුතු වැඩි කිරීම, පර්යේෂණ කටයුතු වැඩිකිරීම ආදිය සිදු කළ යුතුයි කියලා ඔහු නිර්දේශ කරනවා.ඒ වගේම අනාගතයේ දී මිනිසාට මෙවැනි අභියෝග වලට මුහුණ දීම සඳහා අවශ්‍ය දැනුම ලබාගැනීම වෙනුවෙන් ආයෝජනය කිරීමට රටවල් වැඩි වශයෙන් උනන්දු විය යුතු බවට ඔහු අවධාරණය කරනවා.

සුප්‍රකට සයන්ස් සඟරාවට ලිපියක් සපයන හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ වසංගතවේදය පිළිබඳව ව මහාචාර්යවරයෙකු වන මාර්ක් ලිප්ස්ටිච් පළ කැර තිබෙන්නේ මෙතෙක් අප දැක්වූ මතවලට වඩා වෙනස් මතයක්.ඔහු තර්කානුකූලව පෙන්වා දී ඇත්තේ 2020 වර්ෂය තුළ මෙම අභියෝගය ජය ගැනීමට ලෝකයට ඇති ඉඩ කඩ ඉතා අල්ප බවයි. ඔහුට අනුබ වර්ෂ 2022 දක්වාම මෙම වසංගත තත්ත්වයෙන් බේරීමට සමාජ දුරස්තභාවය ආරක්ෂා  කරගත යුතු වෙනව.ඒ වගේම ඔහු උපකල්පනය කරන අන්දමට වර්ෂ 2025 දී නැවතත් මෙම වසංගත තත්ත්වය ලොව පුරා පැතිර යා හැකියි.යම් හෙයකින් මේ සඳහා එන්නතක් සොයා ගැනීමට අපහසු වුව හොත් ඔහු මේ වසංගත තත්ත්වය ජයගැනීමට සුදුසු විකල්පය විදිහට සලකන්නේ  සාමූහිකව ප්‍රතිශක්තිකරණය ඇති කර ගැනීමයි.

ස්කොට්ලන්තයේ එඩින්බර්ග් විශ්ව විද්‍යාලයේ බෝවන රෝග පිළිබඳව මහාචාර්යවරයෙකු වන මාක් වූල්හවුස්  දක්වා තිබෙන්නෙත් ඒ හා සමාන අදහසක්.ඔහුට අනුව මෙම තත්වයට මිනිසාට තව වසර කීපයක් යනතෙක් මුහුණ දීමට සිද්ධ වෙනවා.

චීන  වෛද්‍ය විද්‍යා ඇකඩමියේ වසංගත රෝග පිළිබඳව පර්‍යේෂණ ආයතනයේ අධ්‍යක්ෂකවරයා වන ජින් කුයි පවසා ඇත්තේ කොරෝනා වසංගතය කිසිදිනක නිමා නොවන බවයි.වරින් වර එම රෝග රැළි ඇති විය හැකි බවට ඔහු අනතුරු අඟවනවා.

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පත් කරන ලද කොරෝනාව පරාජය කිරීමේ කාර්‍ය සාධක බලකායේ සාමාජිකයෙකු සහ ජාතික අසාත්මිකතා සහ වසංගත රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂකවරයා වන වෛද්‍ය ඇන්තනී ෆවුචි දක්වා ඇත්තේ මීට වඩා ධනාත්මක අදහසක්. ඔහුට අනුව කොරෝනා වෛරසය ඉදිරියේදී යම් යම් කාලවලදී පමණක් හිස එස විය හැකියි.මේ නිසා ඔහු යෝජනා කරන්නේ මේ සඳහා ක්‍රමවත් සැලසුමකට අනුව මිනිස් වර්ගයා සූදානම් විය යුතු බවයි.

කොහොම වුණත් අපේ කලින් කිව්ව වගේම මේ අනාවැකිවලින් මොකක් සත්‍ය වෙයිද කියලා දැන්ම අපිට කියන්න බැහැ.නැවතත් මේ වගේම සංසන්දනාත්මක වීඩියෝවකින් අපි මුණ ගැහෙමු.